ලග්ගල ව්‍යාපාරිකයා කොල්ල කෑ කොල්ලකරුවෝ අල්ලයි – හිමි නමකුත් ඒ අතර

ලග්ගල ප්‍රදේශයේ පසුගිය නොවැම්බර් මස 10 වනදා ව්‍යාපාරිකයෙකු බියගන්වා ඔහුගේ සහ නිවසේ සිටි පියා හා බිරිඳගේ අත් පා ගැටගසා රුපියල් කෝටි 06 කට අධික මැණික්, රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ සිද්ධියේ සැකකරුවන් දසදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර ස්වාමීන් වහන්සේ නමක් ද සිටින අතර; එම හිමිනම මාවතගම ප්‍රදේශයේ පිහිටි රජමහා විහාරස්ථානයක වැඩ විසූ හිමිනමක් බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

මොවුන් විසින් මෙම කොල්ලයට දින කිහිපයකට පෙර ලග්ගල ප්‍රදේශයේ බැංකුවක් කොල්ල කෑමේ අරමුණින් එම ප්‍රදේශයට පැමිණ ඇති බවත්; පසුව එය සිදුකිරීම අපහසු වූ බැවින් යළිත් එම ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ.

කෙසේ වෙතත් දෙවනවර ලැබුණු තොරතුරක් මත මෙම සැකරුවන් ව්‍යාපාරිකයාගේ නිවස කොල්ලකෑම සඳහා පැමිණ ඇති බවට මේ වනවිට කරුණු හෙළිව ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

සැකකරුවන් විසින් කොල්ලකන ලද වටිනා මැණික් ගල් විකුණා තිබිය දී සොයාගෙන ඇති අතර, කොලකන ලද මුදල්වලින් කොටසක් සහ රන් ආභරණ ද සොයාගැනීමට හැකිව තිබෙනවා.

එහිදී කෝටි එකහමාරක පමණ වටිනාකමකින් යුත් මැණික් ගලක් ගාල්ල ප්‍රදේශයට අලෙවි කර ඇති අතර, එය කොටස් 07කට වෙන්කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් මාතලේ, කුරුණෑගල යන දිස්ත්‍රික්ක දෙකේ සහ කොළඹ – මාකොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මොවුන්ගෙන් 09 දෙනෙක් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර, එක් සැකකරුවෙක් රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව ඔහු පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?