ලංවිම ප්‍රතිව්‍යූහගතකරණය ගැන විශේෂ සාකච්ඡාවක් – ඇමතිට වෘත්තීය සමිතිවලින් ප්‍රශංසාවත්

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කෙටුම්පත හා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ඊයේ (09) පස්වරුවේ බලශක්ති අමාත්‍යංශයේ දී පැවැත්වුණා.

මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය වැඩපිළිවෙළ තුළ සේවකයින්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද සුරැකීම ඇතුළු වෘත්තීය සමිතිවල අවධානයට යොමු වුණ කරුණු රැසක් සාකච්ඡාවට ලක් කෙරුණු බවයි වාර්තා වන්නේ.

මෙහිදී කරුණු දැක්වූ අමාත්‍යවරයා, විදුලිබල ක්ෂේත්‍රය රජයේ හිමිකාරීත්වය යටතේ තබාගැනීම රජයේ ප්‍රතිපත්තිය බව ද මෙම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ හරහා කිසිසේත් සේවක අයිතිවාසිකම් අඩු කිරීමට හෝ කප්පාදු කිරීමට කටයුතු නොකරන බව ද ප්‍රකාශ කළා.

මෙහිදී අදහස් දැක්වූ වෘත්තීය සමිති නියෝජිතයින්; අමාත්‍යවරයා සමග සෘජුව සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳ ව ස්තුතිවන්ත වන බවත් විදුලිබල ක්ෂේත්‍රය රජයේ හිමිකාරීත්වය යටතේ තබාගන්නා මේ ප්‍රතිපත්තිය ඉහළින් අගය කරන බවත් පැවසුවා.

සේවක අයිතීන් හා වරප්‍රසාද සුරැකීම කෙරෙහි රජයත් අමාත්‍යවරයා දක්වන සැළකිල්ල ඉහළින් අගය කරන බවත් විදුලිබල ක්ෂෙත්‍රයේ දියුණුවට දියහැකි උපරිම දායකත්වය ලබාදීමට වෘත්තීය සමිති ව්‍යාපාරයේ සහයෝගය ලබාදෙන බවත් ප්‍රකාශ කළා.

විදුලිබල මණ්ඩලය හා ආශ්‍රිත වෘත්තීය සමිති 42ක නියෝජිතයන් මේ හමුව සදහා ආරාධනා කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17


?