AFC Banner
Empty Ad
Empty Ad

ලංකාව කොවිඩ් දෙවන මාත්‍රාව දෙන්න අපොහොසත් රටවල් අතරට

ශ්‍රී ලංකාවද ඇතුළුව ලෝකයේ රටවල් 30 ත් 40 ත් අතර සංඛ්‍යාවක් තම ජනගහනයට කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීමට අපොහොසත්වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශය කරයි.

විශේෂයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමේදී මෙම රටවල් ගැටලුවලට මුහුණපා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක බෘස් අයිල්වර්ඩ් (Bruce Aylward) පැවසීය. පසුගියදා ජිනීවාහි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

‘‘මේ වන විට රටවල් විශාල සංඛ්‍යාවකට ඔවුන්ගේ දෙවැනි මාත්‍රාව ලබාදීම අත්හිටුවීමට සිදුවී තිබේ” යයි උපදේශකවරයා එහිදී සඳහන් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වයෙන් යුත් කොවැක්ස් (COVAX) වැඩසටහන ඔස්සේ බෙදා හරින ලද ඉන්දීය සේරම් ආයතනයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත අපේක්ෂා කළ බොහෝ රටවල් මෙලෙස අසීරුතාවට පත්ව ඇතැයි උපදේශකවරයා පෙන්වා දුන්නේය. අයිල්වර්ඩ් වැඩිදුරටත් පැවසුවේ උප සහරා අප්‍රිකාව, ලතින් ඇමරිකාව සහ මැද පෙරදිග රටවල් මෙන්ම ඉන්දියාවේ අසල්වැසි රටවල් වන ශ්‍රී ලංකාව සහ නේපාලයද එවැනි රටවල්වලට උදාහරණ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?