ලංකාව කොවිඩ් දෙවන මාත්‍රාව දෙන්න අපොහොසත් රටවල් අතරට

ශ්‍රී ලංකාවද ඇතුළුව ලෝකයේ රටවල් 30 ත් 40 ත් අතර සංඛ්‍යාවක් තම ජනගහනයට කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීමට අපොහොසත්වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශය කරයි.

විශේෂයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමේදී මෙම රටවල් ගැටලුවලට මුහුණපා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක බෘස් අයිල්වර්ඩ් (Bruce Aylward) පැවසීය. පසුගියදා ජිනීවාහි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

‘‘මේ වන විට රටවල් විශාල සංඛ්‍යාවකට ඔවුන්ගේ දෙවැනි මාත්‍රාව ලබාදීම අත්හිටුවීමට සිදුවී තිබේ” යයි උපදේශකවරයා එහිදී සඳහන් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වයෙන් යුත් කොවැක්ස් (COVAX) වැඩසටහන ඔස්සේ බෙදා හරින ලද ඉන්දීය සේරම් ආයතනයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත අපේක්ෂා කළ බොහෝ රටවල් මෙලෙස අසීරුතාවට පත්ව ඇතැයි උපදේශකවරයා පෙන්වා දුන්නේය. අයිල්වර්ඩ් වැඩිදුරටත් පැවසුවේ උප සහරා අප්‍රිකාව, ලතින් ඇමරිකාව සහ මැද පෙරදිග රටවල් මෙන්ම ඉන්දියාවේ අසල්වැසි රටවල් වන ශ්‍රී ලංකාව සහ නේපාලයද එවැනි රටවල්වලට උදාහරණ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11