ලංකාවට ලබාදෙන රැකියා කෝටාව වැඩි කිරීමට කොරියාව අපේක්ෂාවෙන්

කොරියානු ජනරජයේ රැකියා හා කම්කරු අමාත්‍ය ලී ජුං-සික් ප්‍රමුඛ දූත පිරිසක් සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන අතර හමුවක් පසු ගියදා පාර්ලිමේන්තුවේ දී සිදු කෙරුණා.

මෙහිදී අදහස් දැක් වූ කොරියානු රැකියා හා කම්කරු අමාත්‍ය ගරු ලී ජුං- සික් සඳහන් කළේ, වත්මන් ආර්ථික හා සමාජීය වෙනස්කම්වලට අනුව කොරියානු රැකියා බලපත්‍ර ක්‍රමය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කෙරෙන බවයි.

එමඟින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හට ලබාදෙන රැකියා කෝටාව වැඩි කිරීම සඳහා අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළා.

මෙම ප්‍රතිව්‍යුහගතකරණය තුළින් ශ්‍රී ලංකාවට ඇති අවස්ථා විශේෂයෙන්ම විවිධ කර්මාන්ත අංශ සහ විශේෂිත සේවා අංශය වෙත පුළුල් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

මීට අමතරව, ශ්‍රී ලාංකිකයින්ට කොරියානු භාෂාව ඉගැන්වීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ කොරියානු රැකියා සහ කර්මාන්ත අමාත්‍යවරයා කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (KOICA) සහ අනෙකුත් සහයෝගීතා වැඩසටහන් තවදුරටත් ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළා.

කොරියානු රැකියාවල නිරතවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල ප්‍රතිලාභ ලැබෙන බවත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට විවධ රැකියා අංශ හරහා සේවයේ නිරතවීමට වැඩි අවස්ථාවන් ලබා දෙන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මෙහිදී ඉල්ලීමක් සිදු කරනු ලැබුවා.

එමෙන්ම කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (KOICA) ශ්‍රී ලංකාවට නිරතුරුව ලබාදෙන සහාය පිළිබඳව ද කථානායකවරයා සිය කෘතවේදීත්වය පළ කර සිටියා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21