ලංකාවට මේවන විට භාවිතයට ගතහැකි ඩොලර් ප්‍රමාණය

මේවන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු සංචිතයන්ගෙන් රජයට වියදම් කළ හැකි ප්‍රමාණය ඉතා අවම ප්‍රමාණයක් වනවා. එය ඩොලර් මිලියන 250කට තරම් සීමා වී තිබෙනවා.

මෙරට පසුගිය 2022 ජූනි මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 1,859 ක් ලෙසින් සටහන්වු අතර එය මැයි මාසයට සාපේක්ෂව සුළු පහළ යාමක්.එය ඩොලර් මිලියන 1,887 ක්.

ජූනි මාසයේ විදේශ විනිමය සංචිතයේ වටිනාකම දැක්වෙන්නේ ඩොලර් මිලියන 1,750 ක්.මැයි මාසයේ දී එය ඩොලර් මිලියන 1,776 ක් ලෙසින් වාර්තා වී තිබිණා.

චීන මහජන බැංකුවෙන් ලබාගෙන ඇති ඩොලර් බිලියන 1.5කට සමාන විනිමය හුවමාරු පහසුකම භාවිතයට ගැනීමට නොහැකි ආකාරයෙන් චීනය විසින් කොන්දේසි පනවා ඇති හෙයින් මහ බැංකුව සතුව දැනට පවතින භාවිතයට ගත හැකි විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 250කට සීමා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?