රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 249කට කොරෝනා

ගත වූ මාස තුනහමාරක කාලය තුළදී ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 249 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා පවසයි.

අ​ගෝස්තු 1 වැනි දින සිට සැප්තැම්බර් 17 වැනි දින කාලය තුළදී මෙම රෝහල් කාර්ය මණ්ඩල සේවකයන්ට කොවිඩ් ආසාදනය වූ බව තහවුරු වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

පසුගිය 17 වැනි දින රෝහල් කාර්ය මණ්ඩල සේවකයන් 6 දෙනෙකු පී.සී.ආර්. හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්කොට ඇති අතර ඉන් තිදෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. කොවිඩ් ආසාදිත කාර්ය මණ්ඩලය සේවකයන් අතර වෛද්‍යවරු, හෙද හෙදියන් කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන්ද සිටින බවද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?