spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රෝහල් සේවකයන්ගෙන් වැඩවර්ජනයක්

රෝහල්වල පවතින ඖෂධ හා උපකරණ හිඟයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා හා සෞඛ්‍ය සේවකයන් ඇතුළු රාජ්‍ය සේවකයන්ට අයවැය තුළින් සහන ඉල්ලා හෙට ( 08) පැය 04 ක වැඩවර්ජනයක් සිදුකරන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පවසනවා

රෝහල් කනිෂ්ඨ කාර්යමණ්ඩලවලට අයත් සේවකයන් හෙට උදෑසන 08.00 සිට දහවල් 12.00 දක්වා කාලය තුළදී සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් ටැළපිටියේ සුගතානන්ද හිමියෝ අවධාරණය කළා .

පැය 04 ක වැඩවර්ජනයෙන් පසු දහවල් 12.00 ත් , 01.00 ත් අතර කාලය තුළදී රෝහල් ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර පැවැත්වීමටත් කටයුතු කරන බවයි

උන්වහන්සේ මේ බව පවසා සිටියේ ඊයේ ( 05 දා ) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වමින්.

රට තුළ පවතින ඖෂධ හා උපකරණ හිඟය නිසා රෝගී ජනතාව පීඩාවට පත් වී සිටින බවත් සෞඛ්‍ය සේවකයන් ඇතුළු රාජ්‍ය සේවකයන් අයවැය තුළින් වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු වුවත් ඊට අදාළව කිසිදු යෝජනාවක් අයවැය යෝජනා මගින් ඉදිරිපත් කර නොමැති බවත් උන්වහන්සේ අවධාරණය කළහ . මේ හේතුවෙන් පවතින ගැටලු විසඳා ගැනීමේ පළමු පියවර ලෙස හෙට පැය 04 ක වැඩවර්ජනයක් හා පැයක විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කරන බව උන්වහන්සේ පවසා සිටියහ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?