රෝහල් ගතව සිටින පාප් වහන්සේගෙන් විශේෂ පණිවුඩයක්

මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

පාප් වහන්සේ සිය නිල එක්ස් ගිණුම ඔස්සේ මෙම පණිවුඩය නිකුත්කර ඇති අතර, ලොව පුරා සිට තමන්ට ලැබුණු සැනසිලිදායක යාච්ඤාවලට කෘතඥවන බවයි උන් වහන්සේ එහි සඳහන් කර ඇත්තේ.

“මෑත දිනවල මට බොහෝ සෙනෙහස පිළිබඳ පණිවිඩ ලැබී ඇති අතර, දරුවන්ගෙන් ලැබුණු ලිපි සහ චිත්‍රවලින් මම විශේෂයෙන් කම්පනයට පත් වී සිටිමි. මෙම සමීපතාවයට සහ ලොව පුරා සිට මට ලැබුණු සැනසිලිදායක යාච්ඤාවලට ස්තූතියි ! මා වෙනුවෙන් යාච්ඤා කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි.” යනුවෙන් එම පණිවුඩයේ දැක්වෙනවා.

මේ අතර වතිකානය ඊයේ (22) නිවේදනය කළේ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් බරපතළ බවයි.

උන්වහන්සේගේ ශරීරයේ රුධිර පට්ටිකා මට්ටම පහළ යාමත් සමඟ රුධිරය ලබාදීමටත් සිදුවූ බවත්, ශ්වසන අපහසුතා හේතුවෙන් ඔක්සිජන් ලබාදීමටත් වෛද්‍යවරුන් පියවර ගත් බවත් වතිකානය දැනුම් දුන්නා.

88 හැවිරිදි වියේ පසුවන ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය සතියේ රෝහල්ගත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
10
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47