රෝහල් ගතව සිටින පාප් වහන්සේගෙන් විශේෂ පණිවුඩයක්

මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

පාප් වහන්සේ සිය නිල එක්ස් ගිණුම ඔස්සේ මෙම පණිවුඩය නිකුත්කර ඇති අතර, ලොව පුරා සිට තමන්ට ලැබුණු සැනසිලිදායක යාච්ඤාවලට කෘතඥවන බවයි උන් වහන්සේ එහි සඳහන් කර ඇත්තේ.

“මෑත දිනවල මට බොහෝ සෙනෙහස පිළිබඳ පණිවිඩ ලැබී ඇති අතර, දරුවන්ගෙන් ලැබුණු ලිපි සහ චිත්‍රවලින් මම විශේෂයෙන් කම්පනයට පත් වී සිටිමි. මෙම සමීපතාවයට සහ ලොව පුරා සිට මට ලැබුණු සැනසිලිදායක යාච්ඤාවලට ස්තූතියි ! මා වෙනුවෙන් යාච්ඤා කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි.” යනුවෙන් එම පණිවුඩයේ දැක්වෙනවා.

මේ අතර වතිකානය ඊයේ (22) නිවේදනය කළේ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් බරපතළ බවයි.

උන්වහන්සේගේ ශරීරයේ රුධිර පට්ටිකා මට්ටම පහළ යාමත් සමඟ රුධිරය ලබාදීමටත් සිදුවූ බවත්, ශ්වසන අපහසුතා හේතුවෙන් ඔක්සිජන් ලබාදීමටත් වෛද්‍යවරුන් පියවර ගත් බවත් වතිකානය දැනුම් දුන්නා.

88 හැවිරිදි වියේ පසුවන ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය සතියේ රෝහල්ගත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
10
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?