රෝයල් පාක් නඩුවේ විත්තිකරුට සමාව දුන්නේ නීත්‍යානුකූලව බව හිටපු ජනපති මෛත්‍රී ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැති විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීම තමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව නීත්‍යානුකූල ආකාරයෙන් සිදු කර තිබෙන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

අදාළ විත්තිකරුට ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට ගත් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද යළි විභාගයට ගත් අවස්ථාවේදී යි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා මෙම දැනුම් දීම සිදු කළේ.

එස්. තුරෛරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වෙනවා.

එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම විත්තිකරුට සමාව ප්‍රදානය කිරීම මීට පෙර සිටි ජනාධිපතිවරු ක්‍රියාකළ ආකාරයටම කටයුතු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ පැවරී තිබෙන බලතල ප්‍රකාරව සිදු කර ඇති බවයි.

පෙත්සම්කරුට සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සිට බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ.

මෙම සමාව ප්‍රදානය කිරීමට පෙර මෙම විත්තිකරු ඇතුළු මරණීය දණ්ඩනය නියම වී සිටි පුද්ගලයින් 70 දෙනෙකුගේ දඬුවම් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දක්වා 2016 වසරේ දී ලිහිල් කෙරුණු බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා හිටපු ජනාධිපති සිරිසේන මහතා විසින් එම දඩුවම් ලිහිල් කිරීම සිදු කරන ලද්දේ එවක අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ නිර්දේශ අනුව බවත් ප්‍රකාශ කළා.

මෙහිදී ප්‍රශ්නයක් මතු කල විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විමසා සිටියේ මෙම සමාව ප්‍රදානය කිරීමේ දී නිසි නීතිමය පටිපාටිය අනුගමනය කර නොමැති බවට චෝදනා නැගෙන බවයි.

ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේ හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව නිසි පටිපාටිය අනුගමනය කරමින් මෙම සමාව ප්‍රදානය කර තිබෙන බවත් ඔහු කිසිදු අවස්ථාවක අත්තනෝමතික ලෙස කටයුතු කර නොමැති බවයි.

වැඩිදුර විභාගය ලබන 17 වනදා තෙක් කල් තැබුණා.

පෙත්සම්කාර සංවිධානය කියා සිටින්නේ රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමේ දී ජනාධිපතිවරයා විසින් නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බවයි.

මේ තුළින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ලබා දුන් මෙම සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47