රෝයල් පාක් චූදිතයාට සමාව දුන් හිටපු ජනපති මෛත්‍රීට නොතීසි

රෝයල් පාක් මිනී මැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ජයමහ යන අයට ලබාදුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස අධිකරණය විසින් දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් අප්‍රේල් මස 29 වන දා අධිකරණය හමුවේ පෙනී සිට හේතුව ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට නොතීසි නිකුත් කරනු ලැබුවා.

පසුගිය වසරේ ජුනි 06 වැනිදා කාන්තා හා මාධ්‍ය එකමුතුව සංවිධානය ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය රෝයල් පාක් ඝාතන විත්තිකරුට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සමාව ප්‍රදානය කළ ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරමින් අදාළ සමාව බල රහිත කරන බවට නියෝගයක් නිකුත් කළා.

එමෙන්ම එදින නඩුවේ තීන්දුව දුන් විනිසුරු මඬුල්ල විත්තිකරුට ජනාධිපති සමාව ලබාදීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව නිගමනය කරමින් ජනාධිපති සමාව ලබා දුන් එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන හට රුපියල් මිලියනයක වන්දියක් නියම කළ අතර, එය මාසයක් තුළ ගෙවා අවසන් කරන ලෙස නියෝග ලරනු ලැබුවා.

ඒ, අනුව පෙත්සම අද (11) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සඳහන් කළේ මෛත්‍රිපාල සිරිසේන විසින් වන්දි මුදල මේ දක්වා ගෙවා නොමැති බවයි.

ඒ, අනුව එම කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල නියම කළ වන්දි ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතුව ඉදිරිපත් කරන ලෙස දන්වා මෛත්‍රිපාලි සිරිසේන වෙත නොතීසි නිකුත් කිරීමට නියෝග කළා.

රාජගිරිය රෝයල් පාර්ක්‌ සුපිරි නිවාස සංකීර්ණයේ දී 2005 වසරේ ජූනි 30 වෙනිදා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කළ දොන් ශාමන්ත ජූඩ් ඇන්තනි ජයමහ යන අයට 2012 වසරේ හත්වැනි මස 11 වන දින අභියාචනාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළා.

ඉන් පසුව 2019 වසරේ නව වැනි මස 11 වැනිදා විත්තිකරුට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සමාව ලබාදුන් අතර එම ජනාධිපති සමාව පසුගිය වසරේ ජුනි 06 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?