රොසැල්ලේදී මව, පියා සහ පුතුගේ මරණය ගැන හෙලි නොවු රහසක් එළියට

වටවල සහ රොසැල්ල දුම්රිය ස්ථාන අතර 103 වැනි සැතපුම් කණුව අසළ දී ඊයේ එකම පවුලේ මව, පියා සහ පුතු දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සියදිවි හානි කර ගැනීමක් බවට අනාවරණය වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, රන් ආභරණ සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් මියගිය පිරිසට එරෙහි ව ඊයේ පොලිසියේ පැමිණිල්ලක් විභාග කිරීමට ද නියමිතව පැවති බවයි. සිය රන් ආභරණ උකසට ලබා ගෙන ඒවා යළි ලබා නොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් එම පැමිණිල්ල ගොනු කර තිබෙනවා. 

එවන් පසුබිමක මස්කෙළිය සාමිමලේ ප්‍රදේශයේ පදිංචි ඔවුන් තුන් දෙනා ඊයේ උදෑසන රොසැල්ල දුම්රිය ස්ථානයට පැමිණ එහි සේවකයින්ගෙන් උඩරට මැණිකේ දුම්රිය පැමිණෙන වේලාව ද විමසා පසුව එම ස්ථානයෙන් නික්ම ගොස් තිබෙනවා. ඉන් අනතුරුවයි 103 සැතපුම් කණුව අසල දී බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ ශීඝ්‍රගාමී දුම්රියේ මොවුන් ගැටී ඇත්තේ. එහිදී ප්‍රථමයෙන් 75 වැනි වියේ පසුවන පියත් පසුව 65 හැවිරිදි මවත් ඉන් අනතුරුව 41 වැනි වියේ පසුවන පුත්‍රයාත් දුම්රියට පැන සියදිවි හානි කරගෙන ඇතැයි සිදු කළ පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.

රොසැල්ල දුම්රිය ස්ථානය අසළ දී ‘අවසන් හුස්ම හෙලූ’ අම්මයි තාත්තයි පුතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?