AFC Banner
Empty Ad
Empty Ad

රේල් පාරේ බස් පැද්ද රියදුරා අතේ ලයිසන් නෑ (වීඩියෝ)

මගී ප්‍රවාහන බස් රථයක් අනතුරුදායක ලෙස දුම්රිය මාර්ගයක ධාවනය කළ රියදුරා ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී ඊයේ (02) අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගත්තේ සූරියවැව – කොළඹ බස් මාර්ගයේ ධාවනය කරන පුද්ගලික බස් රථයක රියදුරෙක්.

අත්අඩංගුවට ගැනුණු රියදුරා ඇඹිලිපිටිය, මොරකැටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි වියේ පසුවන අයෙක්.

මෙම රියදුරු අවිස්සාවේල්ල, තුම්මෝදර ප්‍රදේශයේ දී මෙලෙස බස් රථය අනාරක්ෂිත ලෙස දුම්රිය මාර්ගයේ ධාවනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිදුකළ විමර්ශනවල දී හෙළි වී ඇත්තේ සැකකාර රියදුරුගේ රියදුරු බලපත්‍රය මීට පෙර අවස්ථාවක බීමත්ව රිය ධාවනය කිරීමේ වරදර අධිකරණය විසින් මාස 04ක කාලයක් සඳහා අත්හිටුවා තිබිය දී මෙලෙස බස් රථය ධාවනය කර ඇති බවයි.

මෙම රියදුරා විසින් බස් රථය අනතුරුදායක ලෙස දුම්රිය මාර්ගයේ ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වීමත් සමඟ මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවදානය යොමුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
10
+1
5
+1
3
+1
3
+1
5
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?