රේල් පාරේ බස් පැද්ද රියදුරා අතේ ලයිසන් නෑ (වීඩියෝ)

මගී ප්‍රවාහන බස් රථයක් අනතුරුදායක ලෙස දුම්රිය මාර්ගයක ධාවනය කළ රියදුරා ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී ඊයේ (02) අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගත්තේ සූරියවැව – කොළඹ බස් මාර්ගයේ ධාවනය කරන පුද්ගලික බස් රථයක රියදුරෙක්.

අත්අඩංගුවට ගැනුණු රියදුරා ඇඹිලිපිටිය, මොරකැටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි වියේ පසුවන අයෙක්.

මෙම රියදුරු අවිස්සාවේල්ල, තුම්මෝදර ප්‍රදේශයේ දී මෙලෙස බස් රථය අනාරක්ෂිත ලෙස දුම්රිය මාර්ගයේ ධාවනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිදුකළ විමර්ශනවල දී හෙළි වී ඇත්තේ සැකකාර රියදුරුගේ රියදුරු බලපත්‍රය මීට පෙර අවස්ථාවක බීමත්ව රිය ධාවනය කිරීමේ වරදර අධිකරණය විසින් මාස 04ක කාලයක් සඳහා අත්හිටුවා තිබිය දී මෙලෙස බස් රථය ධාවනය කර ඇති බවයි.

මෙම රියදුරා විසින් බස් රථය අනතුරුදායක ලෙස දුම්රිය මාර්ගයේ ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වීමත් සමඟ මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවදානය යොමුවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16