රේගුවේ පිරිසක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් පිරිසක් ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් අද (15) උදෑසන 09.00 සිට “අකුරට වැඩ කිරීමේ” වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව සහ රේගු අධිකාරිවරුන්ගේ සංගමයේ සභාපති කේ. කුමානායක පවසනවා.

ඔවුන්ගේ ඉල්ලීම් අතර,

  • 2020 පෙබරවාරි මස 13 දින සිට නැවතී ඇති සිය උසස්වීම් පරිපාටිය නැවත ක්‍රියාත්මක කිරීම.
  • දැනට 50%ක්ව පවතින රේගු නිලධාරීන්ගේ හිඟය පියවීමට කඩිනම් බඳවා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම.
  • අනීතිකව බඳවා ගෙන ඇති ” සංවර්ධන නිලධාරීන් ” 13 දෙනා වහාම ඉවත් කර ඔවුන් මීට පෙර සේවය කළ දෙපාර්තමේන්තු වෙත යොමු කිරීම.
  • දැනට අකාර්යක්ෂම ලෙස කටයුතු කරන මානව සම්පත් අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කරන අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ජනක ගුණවර්ධන එම කටයුතුවලින් ඉවත් කිරීම.
  • රේගු නිලධාරීන්ගේ අතිකාල සහ ත්‍යාග මුදල් ගෙවීම සඳහා රේගු අධ්‍යක්ෂ ජනරාල් යටතේ පවතින ” විශේෂ ” ගිණුම, මුදල් අමාත්‍යාංශය යටතේ පවතින මහා භාණ්ඩාගාරය වෙත පවරා ගැනීමට එරෙහි වීම වෙයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා වරායවල ආනයන – අපනයන කටයුතු, අත්‍යාවශ්‍ය ආහාර, බෙහෙත් ඖෂධ නිශ්කාශනය, කටුනායක ගුවන් තොටුපොළ ඇතුළු ගුවන් තොටුපොළ මගී නිශ්කාශන කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට ද මෙම වෘත්තීය සමිති වගබලාගෙන තිබෙනවා.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව කටුනායක ගුවන් තොටුපොළ රේගුවෙන් සහ රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ කියා සිටින්නේ, කටුනායක ගුවන් තොටුපොළ මගී නිශ්කාශන කටයුතු සඳහා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය බලපෑමක් සිදුකර නොමැති අතර අනෙකුත් ස්ථානවල ක්‍රියාත්මක මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33