spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රේගුවේ පිරිසක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් පිරිසක් ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් අද (15) උදෑසන 09.00 සිට “අකුරට වැඩ කිරීමේ” වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව සහ රේගු අධිකාරිවරුන්ගේ සංගමයේ සභාපති කේ. කුමානායක පවසනවා.

ඔවුන්ගේ ඉල්ලීම් අතර,

  • 2020 පෙබරවාරි මස 13 දින සිට නැවතී ඇති සිය උසස්වීම් පරිපාටිය නැවත ක්‍රියාත්මක කිරීම.
  • දැනට 50%ක්ව පවතින රේගු නිලධාරීන්ගේ හිඟය පියවීමට කඩිනම් බඳවා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම.
  • අනීතිකව බඳවා ගෙන ඇති ” සංවර්ධන නිලධාරීන් ” 13 දෙනා වහාම ඉවත් කර ඔවුන් මීට පෙර සේවය කළ දෙපාර්තමේන්තු වෙත යොමු කිරීම.
  • දැනට අකාර්යක්ෂම ලෙස කටයුතු කරන මානව සම්පත් අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කරන අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ජනක ගුණවර්ධන එම කටයුතුවලින් ඉවත් කිරීම.
  • රේගු නිලධාරීන්ගේ අතිකාල සහ ත්‍යාග මුදල් ගෙවීම සඳහා රේගු අධ්‍යක්ෂ ජනරාල් යටතේ පවතින ” විශේෂ ” ගිණුම, මුදල් අමාත්‍යාංශය යටතේ පවතින මහා භාණ්ඩාගාරය වෙත පවරා ගැනීමට එරෙහි වීම වෙයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා වරායවල ආනයන – අපනයන කටයුතු, අත්‍යාවශ්‍ය ආහාර, බෙහෙත් ඖෂධ නිශ්කාශනය, කටුනායක ගුවන් තොටුපොළ ඇතුළු ගුවන් තොටුපොළ මගී නිශ්කාශන කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට ද මෙම වෘත්තීය සමිති වගබලාගෙන තිබෙනවා.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව කටුනායක ගුවන් තොටුපොළ රේගුවෙන් සහ රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ කියා සිටින්නේ, කටුනායක ගුවන් තොටුපොළ මගී නිශ්කාශන කටයුතු සඳහා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය බලපෑමක් සිදුකර නොමැති අතර අනෙකුත් ස්ථානවල ක්‍රියාත්මක මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?