රූමත් කාන්තාවන්ගේ ෆොටෝ දාලා ෆේස්බුක් පේජ් හදලා – සැකකරුට උසාවියෙන් ඇප

මුහුණු පොතේ පළවන රූමත් කාන්තාවන්ගේ ඡායාරූප යොදාගෙන සකස් කරන ලද මුහුණු පොත් ව්‍යාජ පිටු ( fake Facebook page) විවිධ පුද්ගලයන්ට මුදලට විකුණූ බව කියන සැකකාර පුද්ගයෙක් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ (11) නියෝග කළා.

සැකකරු ඇප මත මුදාහැර තිබෙන කාලය තුළදී තවදුරටත් එවැනි ක්‍රියාවන්ට සම්බන්ධ⁣ වන්නේ ද යන්න පිළිබඳව විමර්ශනය සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් එම සැකකාර පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුට ඇප නියම කරමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළා.

සැකකාර පුද්ගලයා මුහුණු පොතේ පළවන රූමත් කාන්තාවන්ගේ ඡායාරූප යොදාගෙන වෙනත් මුහුණු පොත් පිටු සකස් කර ඇති බව සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියා.

එසේ සකස් කරන ලද මුහුණු පොත් පිටුවලට සමාජ මාධ්‍ය පරිශීලකයන් බහුතරයක් ආකර්ෂණය වීමෙන් අනතුරුව සැකකාර පුද්ගලයා එම මුහුණු පෙතේ පිටු විවිධ පුද්ගලයන්ට අලෙවිකර මුදල් ලබාගෙන ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

“මගේ සඳ ඔබ” යනුවෙන් වදනක් යොදා ඔහු එම මුහුණු පොත් පිටු ඔහු සකස් කර ඇති බවත් එම රූමත් කාන්තාවන්ගේ කිසිදු අනුදැනුමක් නොමැතිව ඔහු එම වංචනික ක්‍රියාව සිදුකර ඇති බවද විමර්ශන නිලධාරින් අධිකරණයට පෙන්වා දුන්නා.

තම අනුදැනුමක් නොමැතිව තමන්ගේ ඡායාරූපයක් යොදාගෙන කිසියම් පුද්ගලයෙකු මුහුණු පොතක් සකස් කර ඇති බවට කාන්තාවක් පරිගණක අපරාධ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

සැකකාර පුද්ගලයා මෙලෙස වංචනික ආකාරයෙන් රූමත් කාන්තාවන්ගේ මුහුණු යොදාගෙන මුහුණු පොත් පිටු 10 අධික සංඛ්‍යාවක් සකස් කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බවද එම නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවා.

විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇපමත මුදාහරිණ ලෙසට නියෝග කළ අතර ඇප මත මුදා හැර සිටින කාලය තුළ ඔහු තවදුරටත් එවැනි ක්‍රියාවන්හි නිරතව තිබෙන්නේ ද යන්න පිළිබඳව විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස විමර්ශන නිලධාරීන්ට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද දැන් මහමොළකරු ? හේමමාලා කුමරියගේ සම්බන්ධය මොකක්ද ?ගම්මන්පිල කිව්ව දේ
02:34
Video thumbnail
වීදි ලාම්පු සිග් සැග් ක්‍රමයට නිවලා දාන්න..සංගීත සංදර්ශනවලටත් වැට බැදෙයි ද ?
04:06
Video thumbnail
ගම්මන්පිළ හෙළිකරන පාස්කු මහ මොළකරුව බලන්න ප්‍රබලයෝ රැසක් එයි
00:42
Video thumbnail
ආණ්ඩුවට සහාය දෙන්න සජිත් සූදානම් - මාධ්‍ය කැඳවලා කියයි
06:31
Video thumbnail
ජනපති සේප්පුවක දාලා වහපු වාර්තා ගැන ගම්මන්පිල හෙළිකරයි..හමුදාවම තමයි පාස්කු ප්‍රහාරය කළේ ?
07:52
Video thumbnail
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම - සජීවී විකාශය
01:12:55
Video thumbnail
කාන්තාවක් එක්ක මාලිමා සභාපතිගේ අමුතු හාදකම - ගමක් අමාරුවේ වැටෙයි
10:16
Video thumbnail
විදුලි අර්බුදයෙන් රාජ්‍ය වෙසක් උත්සවයටත් ගැටලුවක් ඇතිවෙයිද ?ජෙනරේටර් පාවිච්චි කරන්න
04:22
Video thumbnail
රටවල් 39කට මාස 6ක් සඳහා නොමිලේ සංචාරක වීසා - රටවල් 39ය - නලින්ද කියයි
02:01
Video thumbnail
පාස්කු මහ මොළකරුව බලන්න මහින්ද, ගෝඨා, සජිත් හැමෝම එයි
08:38