AFC Banner
AFC Banner
Empty Ad

රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට සහනයක් (වීඩියෝ)

මේ වන විට වරායේ රඳවාගෙ සිටින ඇති රූපලාවන්‍ය උපරණ තොගය ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඊයේ (26) සවස දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූයේ රටතුළ පැවති වාතාවරණය හමුවේ රූපලාවණ්‍ය උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් ආනයනය කිරීම නතර කළද , ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා ඖෂධ නියාමන අධිකාරියේ සහ සංචාරක මණ්ඩලයේ අනුමැතිය පරිදි එම උපකරණ ආනයනය කිරීමට අවස්ථාව ලබාදුන් බවයි.

කෙසේ වෙතත් එම ආයතන දෙකෙහි අනුමැතිය ලබාගැනීමේ දී අතරමැද සිටින රූපලාවන්‍ය කටයුතු මඟින් ජීවනෝපාය සලසා ගන්නා පිරිසකගේ ගැටළුව විසඳුම් නොලැබුණු බවත්, ඒ අනුව ඔවුන්ගේ තත්ත්වය ද සලකා බලා පෙරදී තිබූ තත්ත්වයෙන් අඩක් ලෙස හෝ රූපලාවන්‍ය උපකරණ ගෙනඒමට හැකිවන පරිදි නව චක්‍ර ලේඛයක් සකස් කරමින් පවතින බවද අමාත්‍යවරයා පැවසුවා.

එසේම විවිධ රටවලින් නීතියානුකූල නොවන ආකාරයෙන් ගෙන්වන ලද රූපලාවන්‍ය උපකරණ සහිත බහාලුම් හතරක් වරායේ රඳවාගෙන තිබෙන අතර, ඒවා විනාශ කිරීමට ද යෝජනා කළ නමුත්, ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට යටත්ව ඒවායේ ප්‍රමිතිය යහපත් නම් ප්‍රසිද්ධ වෙන්දේසියේ වෙලඳපලට නිකුත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඒ, අනුව පෙරකී නව චක්‍ර ලේඛය නිකුත් කරන තෙක් දැනට ගැටළුවලට මුහුණ පා ඇති රූපලාවන්‍ය ක්ෂේත්‍රෙය් නියැලෙන පිරිසට යම් සහනයක් ලැබෙන බව ද අමාත්‍යවරයා පැවසුවා.

https://youtu.be/CEAzGjsdSyw
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?