රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට සහනයක් (වීඩියෝ)

මේ වන විට වරායේ රඳවාගෙ සිටින ඇති රූපලාවන්‍ය උපරණ තොගය ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඊයේ (26) සවස දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූයේ රටතුළ පැවති වාතාවරණය හමුවේ රූපලාවණ්‍ය උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් ආනයනය කිරීම නතර කළද , ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා ඖෂධ නියාමන අධිකාරියේ සහ සංචාරක මණ්ඩලයේ අනුමැතිය පරිදි එම උපකරණ ආනයනය කිරීමට අවස්ථාව ලබාදුන් බවයි.

කෙසේ වෙතත් එම ආයතන දෙකෙහි අනුමැතිය ලබාගැනීමේ දී අතරමැද සිටින රූපලාවන්‍ය කටයුතු මඟින් ජීවනෝපාය සලසා ගන්නා පිරිසකගේ ගැටළුව විසඳුම් නොලැබුණු බවත්, ඒ අනුව ඔවුන්ගේ තත්ත්වය ද සලකා බලා පෙරදී තිබූ තත්ත්වයෙන් අඩක් ලෙස හෝ රූපලාවන්‍ය උපකරණ ගෙනඒමට හැකිවන පරිදි නව චක්‍ර ලේඛයක් සකස් කරමින් පවතින බවද අමාත්‍යවරයා පැවසුවා.

එසේම විවිධ රටවලින් නීතියානුකූල නොවන ආකාරයෙන් ගෙන්වන ලද රූපලාවන්‍ය උපකරණ සහිත බහාලුම් හතරක් වරායේ රඳවාගෙන තිබෙන අතර, ඒවා විනාශ කිරීමට ද යෝජනා කළ නමුත්, ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට යටත්ව ඒවායේ ප්‍රමිතිය යහපත් නම් ප්‍රසිද්ධ වෙන්දේසියේ වෙලඳපලට නිකුත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඒ, අනුව පෙරකී නව චක්‍ර ලේඛය නිකුත් කරන තෙක් දැනට ගැටළුවලට මුහුණ පා ඇති රූපලාවන්‍ය ක්ෂේත්‍රෙය් නියැලෙන පිරිසට යම් සහනයක් ලැබෙන බව ද අමාත්‍යවරයා පැවසුවා.

https://youtu.be/CEAzGjsdSyw


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34