රූට් සහ ඩකට් ටෙස්ට් ශතක අබියස

2023 -2025 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ පාකිස්තානය සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග 03කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ තෙවැනි දිනය අද (09)යි.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුව පිතිකරණය තෝරා ගනිමින් සිය පළමු ඉනිමට සියල්ලන් ම දැවී ලකුණු 556ක් රැස් කළා.

එහිදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ශතක තුනක් සහ එක් අර්ධ ශතකයක් වාර්තා වීම ද විශේෂත්වයක්.

පළමු ඉනිම වෙනුවෙන් පාකිස්තාන පිතිකරණ ලැයිස්තුවේ ඉහළතම ලකුණුලාභියා වූයේ නායක ශාන් මසූඩ්.

මසූඩ් ලකුණු 151ක් ලබාගත්තා.

සල්මන් අගා නොදැවී ලකුණු 104ක් සහ අබ්දුල්ලා ශාෆිකි ලකුණු 102ක් රැස් කළා.

සෞද් ශකීල් ලකුණු 82යි.

කඩුලු බිඳ දැමීමේ දී එංගලන්තය වෙනුවෙන් ජැක් ලීච් කඩුලු 03ක්, ගස් ඇට්කින්සන් සහ බ්‍රයිඩන් කාර්ස් කඩුලු 02 බැගින් බිඳ හෙලුවා.

ක්‍රිස් වෝර්ක්ස්, රූට් සහ බෂීර් එක් කඩුල්ලක් බැගින් පාකිස්තාන කණ්ඩායමෙන් උදුරා ගැනුණා.

මේ වනවිට එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් පිතිකරණය අරඹා ඇති අතර ඔවුන් කඩුලු 02ක් දැවී ලකුණු 247ක් ලබාගෙන සිටිනවා.

තෙවැනි කඩුල්ලට පිටියෙහි රැඳී සිටින බෙන් ඩකට් සහ ජෝයි රූට් ස්ථාවර වෙමින් සිටින අයුරු පෙනෙන්නට තිබෙනවා.

රූට් නොදැවී ලකුණු 81ක් සහ ඩකට් නොදැවී ලකුණු 84ක් අතැතිව සිටිනවා.

එංගලන්තයේ පළමු කඩුලු ද්විත්වය නසීම් ෂා සහ සහීන් ෂා අෆ්‍රිඩි විසින් බිඳ දමනු ලැබුවා.

තරගය පැවැත්වෙන්නේ පාකිස්තානයේ මුල්තාන් නුවරදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?