AFC Banner
Empty Ad
Empty Ad

රු.20ට මිනී මරපු තුන්දෙනාට

විසිනව හැවිරිදි තරුණයකු කඩු කිණිසිවලින් කපා කොටා ඝාතනය කිරීමේ සහ තවත් තිදෙනකුට බරපතළ තුවාල සිදුකිරීමේ චෝදනා එල්ල වී සිටි තිදෙනකුට කොළඹ මහාධිකරණය දී තිබූ මරණ දඬුවම සහ සිර දඬුවම් අභියාචනාධිකරණය ඊයේ (17 වැනිදා) තහවුරු කරන ලදී.

ලක්මාල් ප්‍රදීප් ප්‍රේමචන්ද්‍ර, සුමිත් ශ්‍රී ලාල් සහ සුදත් කුමාර මරණ දඬුවම නියම වූ විත්තිකරුවන් තිදෙනාය.

රුපියල් 20 ක මුදලක් මුල්කරගෙන දෙපාර්ශ්වයක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් 1998 නොවැම්බර් 2 වැනිදා පන්නිපිටිය ප්‍රදේශයේදී මිනීමැරුම සිදුවී ඇත. සුසන්ත පෙරේරා මියගිය තැනැත්තාය. ඔහුගේ සමීප ඥාතීන් තිදෙනකුටද බරපතළ තුවල සිදුවී ඇත.

නීතිපතිවරයා විත්තිකරුවන් 6 දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

නඩුව විභාග කළ මහාධිකරණය විත්තිකරුවන් තිදෙනෙක් නිදහස් කොට ඉහත නම් සඳහන් විත්තිකරුවන් තිදෙනාට මරණ දඬුවම සහ බරපතළ සිර දඬුවම් නියම කරන ලදී.

අභියාචනාධිකරණය එම දඬුවම් තහවුරු කිරීමට තීරණය කළේ ඒ විත්තිකරුවන් තිදෙනා වෙන වෙනම ගොනුකර කර තිබූ ඇපෑල් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරවය.

විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන නලීන් ලද්දුවහෙට්ටි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් නීතිපති වෙනුවෙන් පැමිණිල්ලට පෙනී සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?