රුසියාවේ කොවිඩ් එන්නත මෙරට දී නිෂ්පාදනයට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් ආයතනය ලබා දෙන කොවිඩ් එන්නතේ පළමු ප්‍රදානය පෙබරවාරි මස මැද භාගයේ දී ශ්‍රී ලංකාවට ලැබෙන බව එම සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ විශේෂ නියෝජිත විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් පවසයි.

එන්නත් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කළ සැලසුම සලකා බලා එම සංවිධානය මෙම තීරණයට එළැඹ ඇත. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට විස්සකට එන්නත් ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වන බව විශේෂ නියෝජිතවරයා අවධාරණය කර සිටී. මාස හයක වැනි කාලයක් තුළ එන්නත් වරින් වර ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදීමට සූදානමින් සිටියි. තවද මෙහි දී ෆයිසර් හෝ ඇන්ට්‍රා සෙනිකා එන්නත ලැබෙනු ඇතැයි විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත් කරණය පසුගිය ඊයේ (29 වැනිදා) බස්නාහිර පළාතේ රෝහල් 09 කදී සිදු කරන ලදී. එදින සෞඛ්‍ය සේවකයින් 2000කට පමණ එන්නත ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේය. දිවයින පුරා මධ්‍යස්ථාන 4000කදී එන්නත් ලබාදීම අද (30 වැනිදා) ආරම්භ වන අතර එය දින පහකින් අවසන් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ජනගහනයේ සියයට 50කට පමණ එන්නත් ලබාදීම කඩිනමින් සිදු කිරීමේ අරමුනින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහාද එන්නත් මිලියන දෙකක් මිලදී ගැනීමට රජය තීරණය කර ඇත. එහි දී ෆයිසර් එන්නත ලබා ගැනීමට සැළසුම් කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛදය අමල් හර්ෂ ද සිල්වා පැවැසීය.

තවද රුසියාවේ හා චීනයේ නිෂ්පාදිත එන්නතක් ද ඉදිරි කාලයේ දී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය. රුසියාවේ නිෂ්පාදිත එන්නත ශ්‍රී ලංකාවේ නිපදවීම සඳහා යෝජනාවක්ද සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බව ඔහු අනාවරණ කළේය.

පන්නල හා හොරණ පිහිටි එන්නත් නිෂ්පාදන කර්මාන්ත ශාලා දෙකක දී එම එන්නත නිෂ්පාදනය කළ හැකි බව ඔහු ප්‍රකාශ කරයි. තවද ඒ පිළිබඳව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන රුසියාවේ එන්නත් නිෂ්පාදන සමාගම සමග පසුගිය සතියේ දුරකතන සංවාදයක්ද පවත්වා තිබේ.

උදයජීව ඒකනායක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංචාරකයින් අඩුවීම නිසා ජනතාව දැඩි අසරණවෙයි..සාක්කු හිදිලා දැන්..හොරකම් කරන්නත් බෑනේ
08:25
Video thumbnail
අපි හැප්පිලා බලමු ඇමතිතුමෝ - අපි වහල්ලු නෙමෙයි
25:28
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න
00:30
Video thumbnail
ඔත්තේ ඉරට්ටේ දෙකටම තෙල් ගහන්න පුළුවන්..ඉන්ධනහල්වල අද තත්ත්වය
00:14
Video thumbnail
ගම්මන්පිල කියන්නේ දෙපිටකාට්ටුවෙක් - අපිලාගේ සාදු දෙසයි..මුන්ගේ කතා නිසා සජිත් නැගිටලා ගියා
05:30
Video thumbnail
ඉවසීම ගැන ඩඩ්ලි සිරිසේන කියලා දුන්න සුපිරි කතාව..උත්සහ කරලා නතර වෙන වාරේ සාර්ථක වෙන්න පුළුවන්
05:47
Video thumbnail
ජය ශ්‍රී මහා බෝධීයට, රුවන්වැලි මහා සෑයට දිවයිනේ සතර දෙසින් විශාල ජන ගඟක් ඇදෙයි
01:24
Video thumbnail
ඩඩ්ලි සිරිමාවෝට සැරටම කිව්ව කතාව..වැරදිම තීරණය තමයි වතු ජනසතු කරලා විනාශ කිරීම
03:04
Video thumbnail
උසස් පෙළ විභාග අපේක්ෂකයින්ගෙන් 176,527ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබලා..
05:30
Video thumbnail
CPC එකේ තෙල් නැත්තම් වෙන කොහෙවත් තෙල් නෑ..ඉන්ධන මිල සංශෝධනයක් වෙයිද ?
12:03