රුසියානු යුවළට සුද්දයක් දී ගවුමක් ඇඳගෙන පළා ගිහින්

රුසියානු ජාතික යුවළක් නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයකට ඇතුළු වී ඇමරිකානු ඩොලර් 200ක්, රුපියල් 96,000ක්, ජංගම දුරකථනයක් ඇතුළු දේපළ සොරාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත කළුතර උතුර පොලිසිය පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.

සැකකරු අඩි 20 කට ආසන්න උසකින් යුත් තාප්පයකින් පැන කාමරයට ඇතුල් වී අද (05) මෙම සොරකම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු පළායන අවස්ථාවේ දී සැක නොසිතෙන ආකාරයට රුසියානු ජාතික කාන්තාවගේ ගවුමක් ඇඳගෙන ගොස් ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

සොරකම සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේ දී සොරකම් කළ මුදල්වලින් කොටසක් සහිත මුදල් පසුම්බිය සහ ජංගම දුරකථනය මෙට්ටයක් යට සඟවා තිබිය දී සොයාගත් බව පොලිසිය පවසනවා.

සොරකම සිදුකර පළාඑන අවස්ථාවේ දී පාදයට සිදුවූ තුවාලයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා සැකකරු නිවසින් පිටව ගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
3
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17
Video thumbnail
මන්ද බුද්ධික පාලකයන්ව ස්වභාව ධර්මයෙන් ඉවත් කරනවා..රන්වලගේ කෙරුවාව හොඳටම දන්නේ රනිල්
05:20
Video thumbnail
බාල බෙහෙත් ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
11:17
Video thumbnail
මුන් තියන් ඉන්නේ කකුල් දෙක මිරිකන්නද?..මාලිමාවට හැමදාම බලය නෑ..බලය ටික කාලයයි
05:17
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18


?