රුසියානු යානයක් පිටව යාම වැළකූ සිද්ධියේ නීතිඥවරයෙකුට එරෙහි චෝදනා විභාගයට නියෝග

පසුගිය 2022 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් යානයක් පිටව යාම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් දුන් අතුරු නියෝගයක් වැරැදි ලෙස අර්ථකථනය කරමින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිවිල් ගුවන් පාලකවරයාගේ රාජකාරියට බාධා කිරීම තුළින් නීතිඥ ආචාරධර්ම උල්ලංඝනය කළේ යැයි චෝදනා එල්ල වී සිටින නීතිඥ අරුණ ද සිල්වාට එරෙහි පැමිණිල්ල පිළිබඳව දෙසැම්බර් මස 6 වන දා විභාගයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.

එම පැමිණිල්ල අද ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ යි කැඳවනු ලැබුවේ.

එහිදී වගඋත්තරකාර නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම චෝදනාවට අදාළව කිසිදු පැමිණිලි කරුවකු ඉදිරිපත් වී නොමැති බවයි.

පැමිණිලිකරුවෙකු නොමැති චෝදනා පත්‍රයක් පවත්වාගෙන යාමට නොහැකි බවත් එය ප්‍රතික්ෂේප කර වගඋත්තරකාර නීතිඥවරයා නිදහස් කරන ලෙසත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහෙත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා සඳහන් කළේ අගවිනිසුරුවරයාගේ නියමයක් මත සිදුකරනු ලැබූ පරීක්ෂණයකින් අනතුරුව නීතිපතිවරයා විසින් මෙම චෝදනා පත්‍රය අධිකරණයට යොමු කළ බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අනතුරුව අදාළ චෝදනා පත්‍රය දෙසැම්බර් මස 6 වන දා විභාගයට ගැනීමට නියම කලා.

පසුගිය 2022 වසරේ ජූනි මස දෙවන දා ශ්‍රී ලංකාවට පැමිණි “ඒරෝප්ලොට්” ගුවන් යානයක් ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් දුන් අතුරු තහනම් නියෝගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිවිල් ගුවන් ගමන් පාලක මැදිරියට රැගෙන ගොස් එය වැරැදි ලෙස අර්ථකථනය කර එහි ප්‍රධානියාගේ රාජකාරියට බාධා කිරීම තුළින් නීතිඥ ආචාරධර්ම උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම චෝදනා පත්‍රය අදාළ නීතිඥ වරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උත්සව සමයට ගම්බිම් බලා යාමට විශේෂ දුම්රිය සේවාවන් රැසක්..පා පුවරුවේ ගමන් කරන විට ආරක්ෂාකාරි වෙන්න
01:26
Video thumbnail
හූ..ලැජ්ජා නැද්ද යකෝ - NPP සෙට් එක නිසා මාතර සමූපකාර රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
16:37
Video thumbnail
CTB බස් එකේ යනවනම් අවුරුදු තෑගි..ගන්න ටිකට් සුරක්ෂිතව තියාගන්න
04:10
Video thumbnail
නාමල් ඔය කියන පාටි දැම්මේ නෑ..නාමල්ගේ උපන්දිනය ක්‍රේන්ද්‍රකරගෙන මාලිමාව බොරු ප්‍රචාර යවනවා
02:43
Video thumbnail
ගම්බිම් බලා යන ජනතාවගේ අඩුවක්..කෝච්චි බස් තියෙනවා - සෙනඟ අඩුයිනේ..හෙට කොහොමත් නැතිවෙයි
02:07
Video thumbnail
කෝප් සභාපති ඔයා ඉල්ලා අස් වෙන්න ඕනි..ඊයේ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වුණා
04:45
Video thumbnail
ටැප් කඩපුවට CIDට ආ සෙට් එක කිව්ව කතා එක පෙළට.."මම සංවිධායක ධුරයක් දරන්නේ නෑ"
01:18
Video thumbnail
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු ණය දීර්ඝ කිරීමට අපිත් ඉල්ලීම් කරන්නම් l Sajith Premadasa
07:21
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46