‘රුවන් පැතුම 05’ බහුදින ධීවර යාත්‍රාවේ ස්කීපර්වරයා සහ සහායකයා අත්අඩංගුවට

දෙහිබාලේ නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයක් ලෙස සැලකෙන තංගල්ල, මොරකැටිආර ප්‍රදේශයේ පදිංචි රුවන් බුද්ධික නම් සැකකරුවෙක්, තංගල්ල කොට්ඨාශ අපරාධ අංශයයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

35 හැවිරදි මෙම සැකකරු ඔහුගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති අතර එහිදී ඔහු මත්ද්‍රව්‍ය ජාවරමෙන් උපයාගත් බවට සැකකරන මුදල් රුපියල් ලක්ෂ හතලිස් දෙදහස් හැටදාහක මුදලක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 103ක් සහ මිලිග්‍රෑම් 650ක් සහ යතුරුපැදියක්ද පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම සැකකරුගේ තොරතුරු මත තවත් සැකකරුවෙක්ද අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

ගිය වසරේ සැප්තැම්බර් මස් 12 වැනිදා කුඩාවැල්ල ධීවර වරායෙන් පිටත්ව ගිය ‘රුවන් පැතුම 05’ නම් බහුදින ධීවර යාත්‍රාවේ ස්කීපර්වරයා සහ ඔහුගේ සහායකයා ලෙස කටයුතු කළ පුද්ගලයන් දෙදෙනා මෙලෙස පිළිවෙලින් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරුවන් ධීවර රැකියාවේ නිරත වන මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැළී සිට අත්ති බවයි වාර්තා වුණේ.

එම ධිවර යාත්‍රාවේ සිටි තවත් පුද්ගලයින් සිව්දෙනා සහ ධීවර යාත්‍රාව සොයා පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බව පොලිසිය වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?