රුවන්වැල්ල – යටන්වල පෙරහැරේ අලියෙක් කුලප්පු වී කලබලයක්

රුවන්වැල්ල පොලිස් වසමේ යටන්වල ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානය මඟින් සංවිධානය කරනු ලබන ඇසළ පෙරහැර ඊයේ (19) රාත්‍රියේ විදී සංචාරය කෙරුණා.

මෙම පෙරහැර අතර තුර, පෙරහැරේ ගමන් ගත් අලියෙක් කුලප්පුවීමෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

මෙහිදී කුලප්පු වූ අලියා පෙරහැරේ ගමන් ගත් වාහනයකට හානි සිදුකර ඇති අතර, අනතුරුව අලියා මෙල්ලකර ගැනීමට ආත්ගොව්වන් කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

පසුව කුලප්පු වූ අලියා පෙරහැරෙන් ඉවත්කර යළි පෙරහැර පැවැත්වීමට කටයුතු කළ බවයි රුවන්වැල්ල පොලිසිය සඳහන් කළේ.

සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?