Empty Ad
AFC Banner
Empty Ad

රුපියල් 10 සිට වටිනා පොත් ගන්න කැමති ඔබට පේරාදෙණියෙන් ඇරයුමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පැවැත්වෙන විශේෂ පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි.

මෙම පොත් ප්‍රදර්ශනය පුරා තෙදිනක් පුරාවට විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ගල් කණු පරිශ්‍රයේ දී පැවැත්වුණා.

සාහිත්‍යය මාසය අවසන් ව ඇති පසුබිමක වුවත්, මෙරට ජනප්‍රිය ම මෙන් ම සම්මානිත පොත් ප්‍රකාශක සමාගමක් වන ඇස්.ගොඩගේ පොත් ප්‍රකාශකයින් විසිනුයි මෙය පවත්වනු ලබන්නේ.

මෙහි සංවිධාන ශක්තිය විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පීඨ සේවක සුබ සාධක සංගමය විසින් දරනු ලබනවා.

මෙම පොත් ප්‍රදර්ශනය ආරම්භ වූයේ පෙරේදා දිනයේ පෙරවරු 09 සිට යි.

අද මෙහි අවසන් දිනය බැවින්, විශාල වට්ටමක් පොත් සඳහා හිමිවන බැවින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය විසින් පොත්වලට ලොබ බැඳි සහෘද ඔබ සැමට ආරාධනාවක් ද සිදු කර සිටිනවා.

මෙහි බොහෝ වටිනා පොත් රුපියල් 10 ක සුළු මුදලක සිට විශේෂ වට්ටම් සහිත ව ලබාගත හැකි බවයි වාර්තා වන්නේ.

මීට අමතර ව පේරාදෙණිය කෘෂි පීඨයේ සහයෝගයෙන් ද සිදු කරන ස්වභාවික කිතුල් (චොක්ලට් මිශ්‍රිත) බීම වර්ගය ද මෙම පොත් අලෙවි සැලෙහි ඇති විශේෂ වෙළෙඳ කුටියෙන් ලබාගත හැකි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිගාවත්තට ගිහින් සජිත් කතා කරද්දී සජිත්ගේ පිටියට ආපු ප්‍රබලයා
20:00
Video thumbnail
පන්නල බලය අල්ලන්න පුටුවෙන් එන තරුණයාගේ කතාව
29:34
Video thumbnail
බටලන්දේ ඇසින් දුටු සාක්ෂියක් CIDයට එයි
08:18
Video thumbnail
රාජාංගනේ හිමිට වැඩ වරදියි - දැන් එයාගේ නම අනුර සුසන්ත ද සිල්වා
18:13
Video thumbnail
ඇමති නලින්ද හා මාධ්‍යවේදියා ඇවිලෙයි - සුපිරි ජාවාරම නිසා කැබිනෙට්ටුව උණුසුම් වෙයි
02:42
Video thumbnail
පුටුවෙන් ඡන්දේ ඉල්ලනවා කියලා මගේ නම දාලා - මොනවද මේ කැත වැඩ
03:53
Video thumbnail
විමල්ට උත්තර දෙන්න හඳුන් මාධ්‍ය කැඳවයි - ඇමතිට මාධ්‍ය හමුවේ හොඳටම තදවෙයි
17:17
Video thumbnail
මහ ඇමති කරපු දේ එළියට ආපු හැටි - අකුරක් නෑර මෙන්න හැමදේම එක පෙළට
04:29
Video thumbnail
සම්බාධක ගැන කැබිනට් ප්‍රකාශක කට අරියි
03:40
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ඇමති දීපු උත්තරේ
03:06
<p>?</p>