Empty Ad
AFC Banner
Empty Ad

රුපියල් ලක්ෂ 04කට අධික හෙරොයින් සමග පාතාල කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 04කට අධික හෙරොයින් මත්කුඩු සහ එම ජාවාරමෙන් උපයාගත් මුදල් සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

හිරණ පොලිසිය විසින් සැකකරු ව අත් අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 16ක් සහ රුපියල් 35000ක ද මුදලක් සමගින්.

බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ හිරණ – බෙක්කේගම පාලම අසල දීයි.

අත්අඩංගුවට ගත් සැකකරු මනුෂ්‍ය ඝාතනයකට හා වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු බව ද හෙළි ව තිබෙනවා.

31 හැවිරිදි සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?