රුපියල් ලක්ෂ 04කට අධික හෙරොයින් සමග පාතාල කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 04කට අධික හෙරොයින් මත්කුඩු සහ එම ජාවාරමෙන් උපයාගත් මුදල් සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

හිරණ පොලිසිය විසින් සැකකරු ව අත් අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 16ක් සහ රුපියල් 35000ක ද මුදලක් සමගින්.

බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ හිරණ – බෙක්කේගම පාලම අසල දීයි.

අත්අඩංගුවට ගත් සැකකරු මනුෂ්‍ය ඝාතනයකට හා වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු බව ද හෙළි ව තිබෙනවා.

31 හැවිරිදි සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14