රුපියල් මිලියන 60ක කුෂ් සොයා ගැනේ (ඡායාරූප)

රේගු ආදායම් අධීක්ෂණ ඒකකය මගින් විෂ මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රේගු අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; අද දහවල් 12.30ට පමණ ඔරුගොඩවත්ත ආදායම් අධීක්ෂණ ඒකකයේ භාණ්ඩ පරීක්ෂණ අංගනයේ දී මෙම විමර්ශනය සිදු කළ බවයි.

නීතිවිරෝධී අයුරින් පාර්සලයක් සූක්ෂ්ම අයුරින් සකසා මෙරටට එවා ඇති අතර, එහි තිබී කුෂ් නමැති විෂ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06ක් සොයා ගැනුණා.

රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පැවසුවේ; මෙම පරීක්ෂාවේ දී හෙළි වූයේ මෙම විෂ මත්ද්‍රව්‍යවල තක්සේරු මිල රුපියල් මිලියන 60කට ආසන්න බවයි.

මේවා කැනඩාවේ සිට ගනේමුල්ල ප්‍රදේශයේ ලිපිනයකට එවා ඇති බවත් සඳහන්.

මෙම පාර්සලයේ අයිතිකරු වෙනුවෙන් පැමිණි නියෝජිතවරයෙකු ද රේගුව සිය භාරයට ගැනුණා.

නීතිවිරෝධී මෙම කුෂ් පාර්සලය සහිත බහාලුම මෙරටට පසුගිය මාසයේ 25 වැනි දින ලැබී ඇති අතර, නිලධාරීන්ට ඇති වූ සැකයක් මතයි එය පරීක්ෂා කර ඇත්තේ.

එහිදී මෙම කුෂ් මත්ද්‍රව්‍ය සූක්ෂ්ම අයුරින් අසුරා තිබූ බවත්, පසුව බහාලුම ඔරුගොඩවත්ත පර්‍යන්තය වෙත යැවූ බවත්, අද දින සියලු විමර්ශන කිරීම් සහ තක්සේරු කිරීම් සිදු කළ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කරනවා.

ශ්‍රී ලංකා රේගුව මීට අමතර ව පසුගිය මාස 03ක කාලයක් තුළ හෂීස් සහ කුෂ් ආදී තහනම් විෂ මත්ද්‍රව්‍ය මෙරටට පැමිණීමේ දී ම සිය භාරයට ගැනීමට සමත් ව තිබෙනවා.

මේ පිළිබඳ ව වැඩිදුර විමර්ශන සඳහා සැකකරු හා මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමට නියමිතයි.

මෙම කුෂ් මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ද එක් ව සිටියා.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පසුගිය මාස කිහිපයේ දී පමණක් රේගුව සිදු කළ වැටලීම්වලින්, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50ක් සොයාගෙන ඇති බවයි.

WhatsApp Image 2023 11 16 at 13.46.18
WhatsApp Image 2023 11 16 at 15.03.35 1
WhatsApp Image 2023 11 16 at 15.03.35
WhatsApp Image 2023 11 16 at 15.03.36 1
WhatsApp Image 2023 11 16 at 15.03.36
WhatsApp Image 2023 11 16 at 15.03.37 1
WhatsApp Image 2023 11 16 at 15.03.37
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?