රුපියල් මිලියන 60ක කුෂ් සොයා ගැනේ (ඡායාරූප)

රේගු ආදායම් අධීක්ෂණ ඒකකය මගින් විෂ මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රේගු අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; අද දහවල් 12.30ට පමණ ඔරුගොඩවත්ත ආදායම් අධීක්ෂණ ඒකකයේ භාණ්ඩ පරීක්ෂණ අංගනයේ දී මෙම විමර්ශනය සිදු කළ බවයි.

නීතිවිරෝධී අයුරින් පාර්සලයක් සූක්ෂ්ම අයුරින් සකසා මෙරටට එවා ඇති අතර, එහි තිබී කුෂ් නමැති විෂ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06ක් සොයා ගැනුණා.

රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පැවසුවේ; මෙම පරීක්ෂාවේ දී හෙළි වූයේ මෙම විෂ මත්ද්‍රව්‍යවල තක්සේරු මිල රුපියල් මිලියන 60කට ආසන්න බවයි.

මේවා කැනඩාවේ සිට ගනේමුල්ල ප්‍රදේශයේ ලිපිනයකට එවා ඇති බවත් සඳහන්.

මෙම පාර්සලයේ අයිතිකරු වෙනුවෙන් පැමිණි නියෝජිතවරයෙකු ද රේගුව සිය භාරයට ගැනුණා.

නීතිවිරෝධී මෙම කුෂ් පාර්සලය සහිත බහාලුම මෙරටට පසුගිය මාසයේ 25 වැනි දින ලැබී ඇති අතර, නිලධාරීන්ට ඇති වූ සැකයක් මතයි එය පරීක්ෂා කර ඇත්තේ.

එහිදී මෙම කුෂ් මත්ද්‍රව්‍ය සූක්ෂ්ම අයුරින් අසුරා තිබූ බවත්, පසුව බහාලුම ඔරුගොඩවත්ත පර්‍යන්තය වෙත යැවූ බවත්, අද දින සියලු විමර්ශන කිරීම් සහ තක්සේරු කිරීම් සිදු කළ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කරනවා.

ශ්‍රී ලංකා රේගුව මීට අමතර ව පසුගිය මාස 03ක කාලයක් තුළ හෂීස් සහ කුෂ් ආදී තහනම් විෂ මත්ද්‍රව්‍ය මෙරටට පැමිණීමේ දී ම සිය භාරයට ගැනීමට සමත් ව තිබෙනවා.

මේ පිළිබඳ ව වැඩිදුර විමර්ශන සඳහා සැකකරු හා මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමට නියමිතයි.

මෙම කුෂ් මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ද එක් ව සිටියා.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පසුගිය මාස කිහිපයේ දී පමණක් රේගුව සිදු කළ වැටලීම්වලින්, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50ක් සොයාගෙන ඇති බවයි.

WhatsApp Image 2023 11 16 at 13.46.18
WhatsApp Image 2023 11 16 at 15.03.35 1
WhatsApp Image 2023 11 16 at 15.03.35
WhatsApp Image 2023 11 16 at 15.03.36 1
WhatsApp Image 2023 11 16 at 15.03.36
WhatsApp Image 2023 11 16 at 15.03.37 1
WhatsApp Image 2023 11 16 at 15.03.37


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44