රුපියල් කෝටියකට ආසන්න කොකේන් සමග විදේශිකයෙකු ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග සියෙරා ලියොන් ජාතිකයෙකු හා තවත් පුද්ගලයෙකු බොරැල්ල – කොටා පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසනවා.

ගාල්ල – පින්නදූව අධිවේගී පිවිසුමේ දී ගාල්ල වරාය පොලිසිය මගින් කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 279 ක් (ගුලි 19) සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් හෙළි වූ තොරතුරු අනුව විදේශීය සැකකරු අත්අඩංගුවට ගත් බව‍යි පොලිසිය පැවසුවේ.

සැකකරු කොකේන් තොගය රැගෙන විත් ඇත්තේ ගුලි වශයෙන් ගිල දමා බවත් ඔහුට විරේක කර ග්‍රෑම් 672ක බරින් යුත් කොකේන් ගුලි 40ක් සොයාගත් බව ද පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගැන සිට ඇති බවට ද තොරතුරු ලැබී තිබෙනවා.

විදේශික ජාතික සැකකරු වයස අවුරුදු 52ක පුද්ගලයෙකු බවත් සෙසු සැකකරුවන් 24, 28 හා 32 යන වයස්වල පසුවන්නන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?