රුපියල් කෝටියකට ආසන්න කොකේන් සමග විදේශිකයෙකු ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග සියෙරා ලියොන් ජාතිකයෙකු හා තවත් පුද්ගලයෙකු බොරැල්ල – කොටා පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසනවා.

ගාල්ල – පින්නදූව අධිවේගී පිවිසුමේ දී ගාල්ල වරාය පොලිසිය මගින් කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 279 ක් (ගුලි 19) සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් හෙළි වූ තොරතුරු අනුව විදේශීය සැකකරු අත්අඩංගුවට ගත් බව‍යි පොලිසිය පැවසුවේ.

සැකකරු කොකේන් තොගය රැගෙන විත් ඇත්තේ ගුලි වශයෙන් ගිල දමා බවත් ඔහුට විරේක කර ග්‍රෑම් 672ක බරින් යුත් කොකේන් ගුලි 40ක් සොයාගත් බව ද පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගැන සිට ඇති බවට ද තොරතුරු ලැබී තිබෙනවා.

විදේශික ජාතික සැකකරු වයස අවුරුදු 52ක පුද්ගලයෙකු බවත් සෙසු සැකකරුවන් 24, 28 හා 32 යන වයස්වල පසුවන්නන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10