AFC Banner
AFC Banner
Empty Ad

රිය ධාවනය කරන්නන්ට කොස්ලන්ද පොලිසියෙන් දැනුම්දීමක්

ඇල්ල – වැල්ලවාය මාර්ගය පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබෙනවා.

රන්දෙණිය කොටසෙන් පස් කන්දක් මාර්ගයට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මාර්ගයේ පවතින අවහිරතා මත රථ වාහන බොහෝමයක් බෙරගල – වැල්ලවාය මාර්ගය භාවිතා කිරීමට පටන්ගෙන ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් ඇදහැලෙන වර්ෂාව හේතුවෙනුයි මෙලෙස පස් කන්දක් කඩා වැටී ඇත්තේ.

කෙසේවෙතත් බෙරගල – වැල්ලවාය මාර්ගයට මේ වන තෙක් මාර්ග අවහිරතා ඇති වී නැති බවට ද කොස්ලන්ද පොලිසිය පැවසුවා.

එහෙත් අධික වර්ෂාපතනයක් මේ වනවිටත් පවතින බැවින් රියදුරන්ට පරික්ෂාකාරී ව රිය ධාවනය කරන ලෙසටයි පොලිසිය රියදුරන්ට උපදෙස් දී ඇත්තේ.

බෙරගල – වැල්ලවාය මාර්ගය තුළට පස් කණ්ඩි කඩාවැටීමේ හා මාර්ගයට ගල් පෙරලීමේ අවදානම් ස්ථාන ඇති බැවින් සුපරික්ෂාකාරී ලෙස රථ ධාවනයට යොමුවන ලෙසට ද පොලිසිය රියදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

විශේෂයෙන් බෙරගල සිට මුල් 5km තුළ මාර්ගය පටුවීම හා ඒ දෙපස අවදානම් ලෙස ගල් පිහිටා ඇති බැවින් එම කොටසේ දී වඩාත් පරීක්ෂාකාරී විය යුතු බවටයි බණ්ඩාරවෙල විධායක ඉංජිනේරුවරයා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?