AFC Banner
Empty Ad
Empty Ad

රිය අනතුරකින් මියගිය පොල්ගහවෙල පොලීසියේ නිලධාරියාට උසස්වීමක්

පොල්ගහවෙල පොලීසියට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටිය දී රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ පොලිස් නිලධාරියාට උසස්වීමක් පිරිනමා තිබෙනවා.

ඒ අනුව එම නිලධාරියා පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුර දක්වා උසස් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

පශ්චාත් උසස්වීම් පදනම යටතේ ඔක්තෝම්බර් 10 වන දින සිට පොලිස්පතිවරයා විසින් මෙම උසස්වීම පිරිනමා ඇති බවයි වාර්තා වුණේ.

පොල්ගහවෙල පොලීසියට අනුයුක්තව පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස රාජකාරියේ නිරතව සිටිය දී නන්දන සුමිත් කුමාර ඉලංගරත්න නිලධාරියා පසුගිය ඔක්තෝම්බර් 09 වන දින රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත් වුණා.

කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පුහුරිය ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුවූ අතර, කන්තලේ සිට කඩුවෙල ප්‍රදේශයට වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් මාර්ගය අසළ රාජකාරී කරමින් සිටි මෙම පොලිස් නිලධාරියාගේ ගැටී තිබුණා.

එම අවස්ථාවේ දී පොලිස් නිලධාරියා විසි වී ගොස් ඉදිරියෙන් නවතා තිබූ පොලිස් කැබ් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරියා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අතරමං වෙන්නේ නැතිව 113ක් හදාගන්න තමයි අපිත් උත්සහ කරන්නේ
05:58
Video thumbnail
රංජන්ගේ රෙදි නැත්තටම නැති කරපු අජිත්
02:31
Video thumbnail
14න් පස්සේ ජනතාවගේ උවමනාවන් ඉෂ්ඨ වෙනවා - ලාල් කාන්තගෙන් සහතිකයක් #lalkantha #npp
02:24
Video thumbnail
ජනපති ඊයේ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම හමු වූ අවස්තාව
00:53
Video thumbnail
ගමෙන් කාලා ගේට්ටුව වහගෙන - සෙල්ලමක් දාපු සාදුයි අක්කයි මාට්ටු
01:40
Video thumbnail
මවපු සිහින ලෝක ක්‍රියාත්මක කරන්න බෑ - දිලුම් අමුණුගම මාලිමා ආණ්ඩුවේ සායම යවයි
05:11
Video thumbnail
සජිත් අනුර අතර රහස් සාකච්ඡාවක් - වෙච්ච දේවල් සජිත් එළිපිටම කියයි #sajith #anurakumaradissanayake
11:12
Video thumbnail
රනිල් වික්‍රමසිංහ ගෙදර ගිහිල්ලත් - පට්ටපල් බොරු කියනවා
01:51
Video thumbnail
වසන්ත සමරසිංහගෙන් ගම්මන්පිලට පිළිතුරු - ගම්මන්පිල ඇරන් යන කොළකෑලි වලට වාර්ථා කියන්නේ නෑ
02:39
Video thumbnail
ජනතාව එකතු වී සීබී රත්නායක පන්නා දමයි..."ඔබතුමාගේ කතාවක් වත් වැඩක් නෑ අපිට"
11:12

?