රිය අනතුරකින් මියගිය පොල්ගහවෙල පොලීසියේ නිලධාරියාට උසස්වීමක්

පොල්ගහවෙල පොලීසියට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටිය දී රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ පොලිස් නිලධාරියාට උසස්වීමක් පිරිනමා තිබෙනවා.

ඒ අනුව එම නිලධාරියා පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුර දක්වා උසස් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

පශ්චාත් උසස්වීම් පදනම යටතේ ඔක්තෝම්බර් 10 වන දින සිට පොලිස්පතිවරයා විසින් මෙම උසස්වීම පිරිනමා ඇති බවයි වාර්තා වුණේ.

පොල්ගහවෙල පොලීසියට අනුයුක්තව පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස රාජකාරියේ නිරතව සිටිය දී නන්දන සුමිත් කුමාර ඉලංගරත්න නිලධාරියා පසුගිය ඔක්තෝම්බර් 09 වන දින රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත් වුණා.

කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පුහුරිය ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුවූ අතර, කන්තලේ සිට කඩුවෙල ප්‍රදේශයට වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් මාර්ගය අසළ රාජකාරී කරමින් සිටි මෙම පොලිස් නිලධාරියාගේ ගැටී තිබුණා.

එම අවස්ථාවේ දී පොලිස් නිලධාරියා විසි වී ගොස් ඉදිරියෙන් නවතා තිබූ පොලිස් කැබ් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරියා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30