රිය අනතුරකින් පියෙකු සහ පුත්‍රයා ජීවිතක්ෂයට

සීදුව පඤ්ඤානන්ද විද්‍යාලය ආසන්නයේදී සිදුවූ අනතුරකින් පාපැදියක ගිය පුද්ගලයෙකු සහ ඔහුගේ කුඩා දරුවා ජීවිතක්ෂයට පත්වි තිබෙනවා.

ඊයේ රාත්‍රී සීදූව කොටුගොඩ මාර්ගයේදී සීදූව දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ඉදිරියෙන් පැමිණි පාපැදයක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ පිය පුතු දෙදෙනා සීදූව විජය කුමාරතුංග රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

සීදූව රද්දොලුව ප්‍රදේශයේ පදිංචි ඔවුන් දෙදෙනා අවුරුදු 45 සහ 14 වයස්වල පසු වනවා.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර සීදූව පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?