රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කිරීමේ සූදානමක්

රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අවදානය යොමුව තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ පැවසුවේ, දීර්ඝ කිරීමේ කාලය අධ්‍යයනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි.

මෙම කමිටුවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරීන් ඇතුළත්.

මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කමිටුවට උපදෙස් දී ඇති අතර, ඉන් අනතුරුව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක සහ අනෙකුත් නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඊළඟ පියවර තීරණය කරනු ඇති.

වර්තමානයේ සැහැල්ලු වාහන සඳහා රියදුරු බලපත්‍රයක වලංගු කාලය වසර 08ක් වන අතර බර වාහන සඳහා කාලය වසර 04ක්.

නව යෝජනාව යටතේ, මෙම වලංගු කාලයන් සැලකිය යුතු ලෙස දීර්ඝ කිරීමට අපේක්ෂා කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
122
+1
4
+1
60
+1
6
+1
6
+1
3
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?