කන්තලේ ප්‍රදේශයේ දී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී අද (27) උදෑසන අනතුරකට ලක්ව තිබෙනවා.
පොලීසිය සැකපළ කරන්නේ රියදුරුට හදිසි හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පාසල් ළමුන් පිරිසක් රැගෙන අධ්‍යාපන චාරිකාවක් යමින් තිබූ බස් රථයක්.
මෙහිදී හෘදයාබාධය වැළඳුනු රියදුරු මියගොස් ඇති අතර අනෙක් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවටයි වාර්තා වන්නේ.
අනතුර හේතුවෙන් විදුලි කණුවට යතුරුපැදි දෙකකට සහ වෙළෙඳසැලක ඉදිරිපස වහලයේ කොටසකට හානි සිදුව තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් කන්තලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
1
+1
3
+1
18
+1
1
+1
1





