රෑට රෑට හොරෙන් හොරෙන් පාසලේ මීටින්ග් තිබූ ප්‍රින්සිපල්ට එරෙහිව ගම්වාසීන් මහ පාරට

කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් ගනේවල්පොල මුස්ලිම් මහ විද්‍යාලය ඉදිරිපිට දී අද දෙමව්පියෝ පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා.

ඒ එම විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාප හා පරිපාලනමය දුර්වලතා සම්බන්ධ‍යෙන් වි‍රෝධය පළ කරමිනුයි.

එම විදුහල්පතිරවයා ව පාසලෙන් ඉවත් කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ට බල කරමින් ඔවුන් එම විරෝධතාවයේ නිරත වූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අදාළ විදුහල්පතිවරයා ඉකුත් දිනෙක රාත්‍රී කාලයේ කිසියම් පිරිසක් සමග එක්ව පාසැල් සංවර්ධන සමිතිය හෝ ආදිශිෂ්‍ය සංගමය ද දැනුම්වත් නොකොට විද්‍යාලය තුළ දී කිසියම් පිරිසක් සමග රහස් රැස්වීමක් ද පැවැත්වූ බව ද විරෝධතාකරුවෝ පවසනවා.

ගම්වාසීන්ගේ දැඩි විරෝධය මැද මරදන්කඩවල පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ ආරක්ෂාව මැද රාත්‍රී කාලයේ එම විදුහල්පතිවරයා පාසලෙන් පිටව යන අයුරු ඇතුළත් දර්ශන ද මාධ්‍ය වෙත ලබාදීමටයි විරෝධතාකරුවන් කටයුතු කළේ.

විරෝධතා පුවරු පුදර්ශනය කරමින් විරෝධතා පාඨ කියමින් ඔවුන් අද මෙලෙස විදුහලේ ප්‍රධාන ගේට්ටුව ඉදිරි පිට දී විරෝධතාවයේ නිරත වූ අතර, විරෝධතාව පැවති ස්ථානයේ පිහිටි පාසලේ හා විරෝධතාකරුවන්ගේ ආරක්ෂාව සඳහා මරදන්කඩවල පොලිස් ස්ථානය මගින් පොලිස් ආරක්ෂාව ද ලබා දුන්නා.

කැකිරාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විරෝධතාකරුවන්ට පොරොන්දු වූයේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂට දැනුම්දී විදුහල්පතිවරයාගේ ක්‍රියා කලාප සම්බන්ධයෙන් පියවර ගන්නා බවයි.

ඉන් පසුවයි පැය දෙකකට අධික කාලයක් පැවති විරෝධතාව අවසන් කෙරුණේ.

WhatsApp Image 2023 10 16 at 16.55.19 2
WhatsApp Image 2023 10 16 at 16.55.19 1
WhatsApp Image 2023 10 16 at 16.55.19
WhatsApp Image 2023 10 16 at 16.55.18
WhatsApp Image 2023 10 16 at 16.55.17
WhatsApp Image 2023 10 16 at 16.55.16 1
WhatsApp Image 2023 10 16 at 16.55.16
WhatsApp Image 2023 10 16 at 16.55.15 1
WhatsApp Image 2023 10 16 at 16.55.15
WhatsApp Image 2023 10 16 at 16.55.14
WhatsApp Image 2023 10 16 at 16.55.13 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?