AFC Banner
AFC Banner
Empty Ad

රැඳවියෙකුට මත්ද්‍රව්‍ය ලබාදී පළා ගිය බන්ධනාගාර නියාමක සොයා පරීක්ෂණ

රැඳවියෙකුට හඳුනා නොගත් මත්කුඩු ගෑම් 50ක් ලබා දි පළා ගිය ගිය බව කියන කළුතර බන්ධනාගාරයේ නියාමකවරයා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා.

මත්කුඩු සමග අත්අඩංගුවට පත්වීම හේතුවෙන් සිර දඬුවමට ලක්ව සිටින රැඳවියෙකුට සැකකාර නියාමකවරයා කිසියම් දෙයක් හොර රහසේ ලබාදෙන ආකාරය රාජකාරියේ යෙදී සිටි බන්ධනාගාර නිලධාරියකුගේ නෙත ගැටීමෙන් අනතුරුව එම රැඳවියා පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබූ හඳුනානොගත් මත් ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වී ඇති බව සඳහන්.

රැඳවියා සතුව තිබූ මත්කුඩු බන්ධනාගාර නිලධාරියා විසින් ඔහු භාරයට ගන්නා ආකාරය දුටු නියාමකවරයා අධිකරණ රාජකාරි කටයුත්තකට යාමට තිබෙන බව පවසා කඩිමුඩියේ බන්ධනාගාරයෙන් පිටවී ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමට සොයන බන්ධනාගාර නියාමකවරයා මීට පෙර අවස්ථාවක බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය රැගෙන ගොස් රැඳවියන්ට අලෙවි කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ වැඩ තහනමට ලක්ව සිටි අයෙකු බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි සඳහන්.

මේ වන විට බන්ධනාගාර නියාමකවරයා ප්‍රදේශය හැර පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?