රැඳවියෙකුට මත්ද්‍රව්‍ය ලබාදී පළා ගිය බන්ධනාගාර නියාමක සොයා පරීක්ෂණ

රැඳවියෙකුට හඳුනා නොගත් මත්කුඩු ගෑම් 50ක් ලබා දි පළා ගිය ගිය බව කියන කළුතර බන්ධනාගාරයේ නියාමකවරයා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා.

මත්කුඩු සමග අත්අඩංගුවට පත්වීම හේතුවෙන් සිර දඬුවමට ලක්ව සිටින රැඳවියෙකුට සැකකාර නියාමකවරයා කිසියම් දෙයක් හොර රහසේ ලබාදෙන ආකාරය රාජකාරියේ යෙදී සිටි බන්ධනාගාර නිලධාරියකුගේ නෙත ගැටීමෙන් අනතුරුව එම රැඳවියා පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබූ හඳුනානොගත් මත් ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වී ඇති බව සඳහන්.

රැඳවියා සතුව තිබූ මත්කුඩු බන්ධනාගාර නිලධාරියා විසින් ඔහු භාරයට ගන්නා ආකාරය දුටු නියාමකවරයා අධිකරණ රාජකාරි කටයුත්තකට යාමට තිබෙන බව පවසා කඩිමුඩියේ බන්ධනාගාරයෙන් පිටවී ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමට සොයන බන්ධනාගාර නියාමකවරයා මීට පෙර අවස්ථාවක බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය රැගෙන ගොස් රැඳවියන්ට අලෙවි කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ වැඩ තහනමට ලක්ව සිටි අයෙකු බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි සඳහන්.

මේ වන විට බන්ධනාගාර නියාමකවරයා ප්‍රදේශය හැර පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47