AFC Banner
Empty Ad

රැජිණගේ රටේ කතකට අතවර කරන්න ගිහින් කල්පිටියේ කොල්ලො දෙන්නෙක් අත්අඩංගුවට

විදේශීය ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන තරුණයින් දෙදෙනෙකු කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය, මන්ඩලකුඩාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18 සහ 19 වියේ පසුවන සැකකරුවන් දෙදෙනෙක්.

සිද්ධියට මුහුණ පා ඇත්තේ 58 හැවිරිදි එංගලන්ත ජාතික කාන්තාවක් වන අතර, ඇය ඉකුත් 15 වනදා මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

දිවයිනට පැමිණි එම විදෙස් කාන්තාව සහ අයගේ සැමියා කල්පිටිය – සේතාවාඩිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන තිබෙනවා.

මොවුන් ඊයේ (24) ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී පැමිණි තරුණයින් දෙදෙනෙකු සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට විමසූ විට අදාළ විදෙස් කාන්තාව ඊට කැමැත්ත පළකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස සෙල්ෆි ඡායාරූපය ගන්නා මුවාවෙන් තරුණයින් දෙදෙනා තමන්ට අතවර කළ බවයි විදෙස් ජාතික කාන්තාව පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

පැමිණිල්ලට අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ව කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?