රැජිණගේ රටේ කතකට අතවර කරන්න ගිහින් කල්පිටියේ කොල්ලො දෙන්නෙක් අත්අඩංගුවට

විදේශීය ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන තරුණයින් දෙදෙනෙකු කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය, මන්ඩලකුඩාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18 සහ 19 වියේ පසුවන සැකකරුවන් දෙදෙනෙක්.

සිද්ධියට මුහුණ පා ඇත්තේ 58 හැවිරිදි එංගලන්ත ජාතික කාන්තාවක් වන අතර, ඇය ඉකුත් 15 වනදා මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

දිවයිනට පැමිණි එම විදෙස් කාන්තාව සහ අයගේ සැමියා කල්පිටිය – සේතාවාඩිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන තිබෙනවා.

මොවුන් ඊයේ (24) ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී පැමිණි තරුණයින් දෙදෙනෙකු සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට විමසූ විට අදාළ විදෙස් කාන්තාව ඊට කැමැත්ත පළකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස සෙල්ෆි ඡායාරූපය ගන්නා මුවාවෙන් තරුණයින් දෙදෙනා තමන්ට අතවර කළ බවයි විදෙස් ජාතික කාන්තාව පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

පැමිණිල්ලට අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ව කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56