AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය තාවකාලිකව නවතී

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල තාවකාලිකව අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි මෙය තාවකාලිකව නවතා දැමීමට කටයුතු කළ බවයි.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය එළැඹෙන 14 වන දින සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල නොවැම්බර් 09 වන දින පැවැත්වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් මෙම උත්සව පැවැත්වෙන දිනය පසුවන් දැනුම් දෙන බව එම අමාත්‍යාංශය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?