රාධ්‍යාගේ අවසන් ගමනට ටිකට් දුන්නු; නිදිකිරා වැටෙනා නෙලුම් කුලුනේ පාලනාධිකාරිය (වීඩියෝ)

දෙස් – විදෙස් සංචාරකයින්ගේ ගමනාන්තයන්හි පාරාදීසයක් ලෙස සැලකෙන ‘නෙළුම් කුලුන’ නැතහොත් කවුරුත් දන්නා ‘ලෝටස් ටවර්’ (Lotus Tower) ඊයේ (07) පස්වරු 3 පමණ වන තෙක් සැලකුණේ සංචාරකයින් ආකර්ෂණය කරගන්නා සංචාරක මධ්‍යස්ථානයක් ලෙසයි.

නමුත් ඊයේ පස්වරු 3ත් 4ත් අතර කාලසීමාවේ දී එහි ඉහළ මහලෙහි සිදු වූ ඛේදවාචකය හේතුවෙන් මේ වනවිට දකුණු ආසියාවේ උසම කුලුන ලෙස කිරුළු පැළැඳ සිටින ‘නෙළුම් කුලුන’ යනු ජීවිතය ගැන කලකිරුණු, මානසික අවපීඩනයන්ට ලක් වූ පුද්ගල ජීවිතවලට බලපෑම්සහගත තත්ත්වයක් ඇති කරලිය හැකි මරණ මංචකයක් ලෙස හැඳින්වීමෙහි දොසක් ඇතැයි කීමට හැකියාවක් ඇති සමාජයක් නිර්මාණය වෙමින් පවතින බව පෙනේ.

ජීවිතයක් අහිමි වීම යනු මිනිස් සංහතියට අවාසිසහගත තත්ත්වයක් වන අතර එම ජීවිතය අහිමි වීමට වඩා අහිමි කරගැනීමට සිදුවන ආකාරයේ සමාජ පසුබිමක් බිහි වී තිබීම රටක් වශයෙන් අප ලද අමිහිරිතම පරාජයකි.

ඊටත් වඩා අනුවේදනීය පුවත වන්නේ එම ජීවිතය දරුවෙකුගේ වීමයි.

දහසක් බලාපොරොත්තු සහිතව ජීවිතයේ ඉදිරියට යාමට අහිංසක හීන පොදි බැඳ සිටි දියණියක ලෙස 15 හැවිරිදි රධ්‍යා ගුණසේකර නමැති පාසල් සිසුවිය හැඳින්විය හැකිය.

එළඹෙන නව වසරේ අග භාගයේ දී පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට ලකලෑස්ති වෙමින් සිටි ඇය කොළඹ පිහිටි ඉහළ පෙළේ ජාත්‍යන්තර පාසලකින් ඉගෙනුම ලබමින් සිටින්නියක් විය.

කොල්ලුපිටියේ පදිංචිව සිටි මෙම දැරිවිය ඊයේ සුපුරුදු පරිදි පාසල් අධ්‍යයන කටයුතු නිමා කර පිටව යන්නේ සිය නිවෙසට නොව; තම ජීවිතයේ ගලා යෑම ගැන ඇති වූ දැඩි මානසික අවපීඩනසහගත තත්ත්වයක් ද හිසෙහි දරාගෙන වන්නට ඇත.

කවුරුත් දිනපතා යන එන සුඛෝපභෝගී සංචාරක මධ්‍යස්ථානයක් වන නෙලුම් කුලුනට රාධ්‍යා පිවිසෙන්නේ ප්‍රවේශ පත්‍රයක් ද ලබා ගනිමිනි.

තම ඉදිරියේ සිටින ‍රාධ්‍යා ගුණසේකර නමැති බාලවයස්කාර දැරිය නෙලුම් කුලුනට ඇතුල් වීමට ප්‍රවේශ පත්‍රයක් මිල දී ගන්නේ සිය ‘අවසන් ගමන’ වෙනුවෙන් යැයි එහි ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් මරණකාරියට ටිකට් පතක් නිකුත් කළ නිලධාරියා හෝ නිලධාරිණිය මඳකට හෝ නොසිතන්නට ඇත.

පාසල් නිල ඇඳුම ද සිය ගමන් මල්ලෙහි දමාගත් රාධ්‍යා සාමාන්‍ය ඇඳුමකින් එහි සිටි කිසිවෙකුට හෝ සැකයක් නොසිතෙන්නට මහලෙන් මහල ගමන් කරමින් අවසන් වශයෙන් ළඟා වන්නේ නෙලුම් කුලුනෙහි නැරඹුම් මැදිරිය ලෙස වෙන් කර ඇති 29 වැනි මහල වෙතය.

අතිශය දියුණු තාක්ෂණයකින් සන්නද්ධ නෙලුම් කුලුනෙහි ආරක්ෂාව ද තර බැව් ඊට ගිය බොහෝ දෙනෙක් සාක්ෂි දරති.

සෑම අස්සක් මුල්ලක් නෑරම සැණෙකින් පිරී ඉතිරී යන සෙනඟක් එහි නිරන්තරයෙන් ම ගැවසීම සාමාන්‍ය කරුණකි.

නෙලුම් කුලුනේ පැය 24 ම සක්‍රීය ආරක්ෂක සේවා නිලධාරී මණ්ඩලයක් ද, ආරක්ෂිත කැමරා
පද්ධතියක් ද හතරවටේය.

නෙලුම් කුලුනෙහි එක් අංගයක ගොස් නැවතී අනෙක් කෙළවර දෙස බලා සිටිය ද, ලෝටස් ටවර් කළමනාකරණ පරිපාලන මණ්ඩලයේ සාමාජිකයින් ද; පැමිණෙන නරඹන්නන් දෙස සූක්ෂ්ම ව බලා සිටින්නේ ඔවුන්ගේ රාජකාරියේ ම එය කොටසක් නිසා ය.

එහෙත් ඒ සියල්ලන්ගේම දෑස්වලින් රිංගා ගොස්, රාධ්‍යා ගුණසේකර නම් ඈ; සිය සපත්තු දෙක ද ගලවා, පිටෙහි එල්ලා සිටි බෑග‍ය ද දෙනෝදහාක් ගැවසෙන නැරඹුම් මැදිරියේ කෙළවරක තබා, ඇයගේ උසට වඩා මඳක් උසින් වැඩි බැම්මට ද නැඟ බිමට පැන සියදිවි නසා ගන්නා තෙක් නෙලුම් කුලුනෙහි සේවය කරන ආරක්ෂක මණ්ඩලය සැබවින් ම සිටියේ කොහි දැයි මතු කළ යුතු ප්‍රශ්නයක් වී හමාරය.

එපමණක් නොව; ඇය සපත්තු දෙක ගලවා ඉවත තබන අවස්ථාවේදීත්, නැතහොත් ඇය සිය ගමන් මල්ල බිම තබන අවස්ථාවේදීත්, නෙලුම් කුලුන පාලනාධිකාරිය මුනිවත රකිමින්
මෙම සිදුවීම් දාමයෙන් එකක් හෝ නොදැක සිටියේ සිය රාජකාරිය තුළ කුමන කරුණක් හෙ‍යින් දැයි යන්න දන්නේ ද ඔවුන් පමණකි.

ඊටත් වඩා අඩුම තරමේ ලෝටස් ටවර් පාලනාධිකාරිය මෙතෙක් ඊයේ දින සිදු වූ ඛේදවාචකය ගැන හෝ ප්‍රකාශයක් හෝ සිදු කිරීමට අපොහොසත් වී ඇත.

මේ මියගොස් ඇත්තේ කාගේ හෝ දරුවෙක් යැයි සිතන තාක් ඉදිරියටත් මේ දෙස බලා සිටින ”මෙරට දරු පරපුර සිය ජීවිතවල එන අභියෝග හමුවේදී ක්ෂණික තීරණ ගැනීම උදෙසා ම නෙලුම් කුලුන තෝරා ගැනීමට ඉඩකඩක් නොමැත්තේ ය” යන්න අප කා හටවත්
සක්සුදක් සේ කිව නොහැක්කේය.

ඊට මෙතැන් සිට හෝ නෙලුම් කුලුන කළමනාකාරීත්වය ගන්නා පියවරක් ඇත්තේ ද? නැතහොත් තනිවම බාල වයස්කරුවන් මෙම ස්ථානයට පිවිසීමේ දී අඩුම ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ දී හෝ යම් කිසි අයුරකින් සලකා බලා කටයුතු කිරීමට හෝ සාධනීය පියවරක් ගැනීමට මෙහි පුද්ගලික පාලනාධිකාරිය පියවරක් ගන්නෙ දැයි මේ වනවිට මතුව ඇති සමාජ සංවාදයකි…

රාධ්‍යා ඇත්තටම පාසල් නිල ඇඳුම ද සිය බෑගයට දමා සාමාන්‍ය ඇඳුමකින් සැරසී මෙම කුලුනට පැමිණෙන්නට ඇත්තේම සිය ජීවිතය ගැන ගත් අවසන් තීන්දුව ක්‍රියාත්මක කරන්නටය.

රාධ්‍යා මෙන් තවත් කී දෙනෙක් හෙට දිනයේ දී නෙලුම් කුලුන සිය මරණ මංචකය බවට තෝරා ගන්නේ දැයි අපි කිසිවෙකුටත් කිව නොහැකිය.

එබැවින් මෙම ඛේදවාචකයෙන් දැනෙන එකම පාඩම වන්නේ අඩුම බාලවයස්කාර යැයි පෙනෙන දරුවෙකු තනිවම මෙවන් ස්ථානයකට ප්‍රවේශ වීමට අවසරය ලද තැන සිට ඇයගේ ජීවිතය අවසන් වන තැන දක්වා ම අකාර්‍යක්ෂම වූ ලෝටර්ස් ටවර් පාලනාධිකාරියක් නොවන්නේ ද?

ඔවුන්ගේ වගකීම්සහගත සේවයක් ජනතාව වෙනුවෙන් ඉටු වූයේ නම්; අඩුම තරමින් ඊයේ අවසන් ගමන් ගිය රාධ්‍යාගේ ජීවිතය බේරෙන්නට ඉඩකඩ සීමිත ප්‍රමාණයක් හෝ තිබෙන්නට ඉඩ තිබිණි…!

  1. Nelum kulune ticket dena thana inna kanthawak gana nam kiyala wadak na. Man daruwo ekka giye mita masa 3 pamana pera. Hariyata nelum kuluna eyage gedarin genath hitawala wage a ticket dena thana tharuniya muna ellan hitiye. Hina podak na. Yakshaniyak wage. Musalama musala patsi. A muna daka athulata giyama apitath udin paninna hithenawa.

  2. ඕකෙ වැඩ කරන්නෙ රාජපස්සලගෙ පන්දමට ආපු පෝට්ටුවෙ එවුන්. උන් කිසිම වගකීමක් දරන්න බැරි රාජපස්සලට බඩ ගාගෙන නමස්කාර කරන්න විතරක් පුරුදු වුනු ගොබ්බ රැලක්
    ඔය මූසල කුළුණ හදපු දවසෙ ඉඳල මුළු රටටම අපලයි. ඔක වහල දැම්ම නම් ඉවරයි..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18