මහ මැතිවරණයට කණ්ඩායම් 690ක් තරග බිමට – නාමයෝජනා 74ක් ප්‍රතික්ෂේපයි (වීඩියෝ)

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වූ නාමයෝජනා භාර ගැනීම අද (11) මධ්‍යහන 12ට අවසන් වුණා.

ඒ, අනුව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට; මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් තරග කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

නාමයෝජනා භාර ගැනීමට දී තිබූ කාලයෙන් අනතුරුව අද (11) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා භාර දී තිබූ නාමයෝජනා 764න් නාමයෝජනා 74ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි.

එලෙස නාමයෝජනා ප්‍රතික්ෂේප වූවන්ට අසාදාරනය වී ඇති බව හැඟේ නම් ඉදිරියේ දී අධිකරණයට පවා යෑමට අවසථාව පවතින බව ද කොමසාරිස්වටයා පැවසුවා.

මේ අතර මෙවර මැතිවරණය සඳහා වැඩිම දේශපාලන කණ්ඩායම් සංඛ්‍යාවක් තරග වදින මැතිවරණ දිස්ත්‍රික්කය දිගාමඩුල්ල වන අතර එම සංඛ්‍යාව 64ක් බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම මොණරාගල සහ පොළොන්නරුව මැතිවරණ දිස්ත්‍රික්ක සඳහා අවම දේශපාලන කණ්ඩායම් සංඛ්‍යාවක් තරග කරන අතර, දේශපාලන කණ්ඩායම් 15 බැගින් එම දිස්ත්‍රික්ක දෙකේ තරග කරන බව ඔහු පැවසුවා.

මේ අතර මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වන එක් එක් අපේක්ෂකයින්ගේ අංක ඉදිරියේ දී ලබාදීමට කටයුතු කරන බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉල්ලා අස්වුණු ශම්මි සිල්වා පිටව ගිය හැටි
00:21
Video thumbnail
විශ්ව විද්‍යාල ශිෂ්‍යයයින් අධ්‍යාපන අමාත්‍යංශය වට කරයි..අපේ සටන පුළුවන්නම් නවත්තපන්
02:44
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
02:00:56
Video thumbnail
ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
01:14
Video thumbnail
සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි
01:13
Video thumbnail
පාතාලය මර්දනය කරන්න්න තුවක්කුවෙන් විතරක් බෑ..පුංචි දේකින් අපේ කඳුළු වට්ටන්න පුලුවන්
09:50
Video thumbnail
මහ බැංකුවේ අධිපති හා මුදල් ලේකම්ව කැඳවන්න දැනටමත් ලියුම් ගහලා ඉවරයි..ප්‍රශ්න රාශියක් තියෙනවා අහන්න
06:24
Video thumbnail
එහෙ මෙහෙ පනින වඳුරු මනසක් අපිට තියෙන්නේ..අපි මනුෂ්‍යත්වයේ දිවයින වෙමු
18:56
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
02:48