අයිස් සමඟ ටෙලි නාට්‍ය නළුවා තණමල්විල දී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ටෙලි නාට්‍ය නළුවෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලි ග්‍රෑම් 300ක් සමඟ තණමල්විල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

26 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයා තණමල්විල, බලහරුව ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර නළුවා තලෙයිමන්නාරම ප්‍රදේශයේ දී රුපියල් කෝටි 04ක මත්ද්‍රව්‍ය ජාවාරම්ක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙක් වන අතර, අයතා වත්කම් ඉපයීම සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව නඩුවක් ද විභාග වෙමින් පවතින බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී බලකරුව ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ මොහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමඟ ඔහුව මුදාගැනීම සඳහා නීතිඥවරුන් කිහිපදෙනෙකු ද පොලිසියට පැමිණ ඇති අතර, සැකකරුගේ පාර්ශවයේ අයෙකු ස්ථානාධිපතිවරයාට ලක්ෂ දහයක අල්ලස් මුදලක් ද ලබාදීමටද උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු ඊයේ (05) දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබා ගැනීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.

    • ඒක නම් ඇත්ත. මාධ්‍ය සදාචාරය තමා. අහිංසක මිනිහෙක් අනුන්ගෙ ගහකින් ගෙඩියක් කඩල අහුවුනොත් ඒක දානවා උගෙ පරම්පරාවෙම විස්තර…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25