ඉන්දීය ගුවන් යානයක් ජීවිත 144ක් සමඟ උඩු ගුවනේ දී කාර්මික දෝෂයකට ලක්වෙයි

තමිල්නාඩුවේ තිරුචිරප්පල්ලි ගුවන් තොටුපොළෙන් සාජා බලා ගමන් ඇරඹු ගුවන් යානයක් උඩු ගුවනේ දී කාර්මික දෝෂයකට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, අනුව එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් සේවයට අයත් එම යානය තිරුචිරප්පල්ලි ගුවන් තොටුපොළට හදිසි ගොඩබෑමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සාජා බලා ගමන් ගත් AXB 613 දරණ ගුවන් යානයේ මගීන් ඇතුළු 144 දෙනෙක් සිටි බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.

යානය ගුවන් ගත වී ටික වේලාවකට පසු ගුවන් නියමුවා කාර්මික දෝෂය හඳුනාගැනීමත් සමඟ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර යානය යළි ගොඩබෑමට කටයුතු කර තිබෙනවා.

ගුවන් තොටුපළ බලධාරීන් පැවසුවේ යානය පැය දෙකකට ආසන්න කාලයක් තිරුචිරප්පල්ලි ගුවන් තොටුපොළෙ අවට ගුවන් කලාපයේ සැරිසැරූ බවයි.

යානය ආරක්ෂිත ගොඩබෑමකට උත්සාහ කිරීමට පෙර අතිරික්ත ඉන්ධන දහනය කිරීම සඳහා මෙලෙස ගුවන් කලාපයේ සැරිසරා ඇති බව සඳහන්.

ගුවන් තොටුපළ අධ්‍යක්ෂවරයා පැවසුවේ යානයේ හයිඩ්‍රොලික් ක්‍රියා විරහිත වීම පිළිබඳව ගුවන් නියමුවා පාලන කුටියට දැනුම් දුන් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
5
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.08
00:00
Video thumbnail
වියට්නාම් ජනාධිපති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණෙන අයුරු..වටේටම දැඩි ආරක්ෂාවක්
03:15
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය ශ්‍රීලන්කන් හිටපු CEO සිටි නිවසට අර්ජුන රණතුංග පැමිණෙයි
01:36
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ නිවසට රස පරික්ෂකවරයා සහ නිල සුනඛයින් පැමිණෙන දර්ශන
04:27
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.08
07:41
Video thumbnail
තණමල්විල හෙල්මට් හොරා..යතුරුපැදි‍යේ හෙල්මට් එක කාටත් හොරා උස්සන හැටි
01:01
Video thumbnail
"ඩ්‍රයිවර්ගේ කකුල නැතුව ඇති"වාද්දූවේ සිදුවූ බිහිසුණු අනතුරෙන් දෙදෙනෙකුට බරපතළයි
01:52
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටියේ නිවසකින් සොයා ගනියි..මෙන්න නවතම දර්ශන
02:00
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය ඇතුළු දේශපාලන ප්‍රබලයින් සෙට් එකක් හමුවූ මොහොත
02:29
Video thumbnail
ඇමතිට අමු කැවිලද කොහෙදෝ..ඔළුවක් නැද්ද ?ආණ්ඩුවෙන් දෙනවා කිව්ව පොහොර ඇටයක් නෑ..
07:56