රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත සැකසීම වෙනුවෙන් පැසසුම් (ඡායාරූප)

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය දරන ප්‍රයත්නය රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පැසසුමට ලක් ව තිබෙනවා.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) පනත් කෙටුම්පතෙහි අඩංගු කරුණු පිළිබඳ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සලකා බලා එය අනුමත කෙරුණා.

මහජන විශ්වාසය වර්ධනය කිරීම පිණිස කාර්යක්ෂම පද්ධතියක් සකස් කිරීම, කාර්යක්ෂම ලෙස සම්පත් වෙන් කිරීම සහතික කිරීම සහ තිරසාර ආර්ථික වර්ධනයට සහාය වීම අරමුණු කරගත් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යාංශය දරන උත්සාහය පිළිබඳව කාරක සභාවේ ප්‍රසාදය ද මෙහිදී හිමි වූ බවයි වාර්තා වන්නේ.

වත්මන් මුල්‍ය රෙගුලාසි නෛතික රාමුවක් මත පදනම් වුව ද ඒවා ප්‍රමාණවත් නොමැති බව ද පැමිණ සිටි නිලධාරීන් කාරක සභාව හමුවේ ප්‍රකාශ කළා.

ඒ අනුව වත්මන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පිළිවෙත්වල ඇති අඩුපාඩු, ආවේණික දුර්වලතා සහ විනිවිදභාව සහ වගවීමේ
ගැටලු හේතුවෙන්, මූල්‍ය විනය ස්ථාපිත කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) පනත් කෙටුම්පත සකස් කර තිබෙන බව ඔවුහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (11) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී මෙම පනත් කෙටුම්පත සලකා බලා අනුමත කළ බවයි වාර්තා වන්නේ.

Public Finance 20240711 4
Public Finance 20240711 6
Public Finance 20240711 8
Public Finance 20240711 5
Public Finance 20240711 3
Public Finance 20240711 2
Public Finance 20240711 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?