රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත සැකසීම වෙනුවෙන් පැසසුම් (ඡායාරූප)

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය දරන ප්‍රයත්නය රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පැසසුමට ලක් ව තිබෙනවා.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) පනත් කෙටුම්පතෙහි අඩංගු කරුණු පිළිබඳ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සලකා බලා එය අනුමත කෙරුණා.

මහජන විශ්වාසය වර්ධනය කිරීම පිණිස කාර්යක්ෂම පද්ධතියක් සකස් කිරීම, කාර්යක්ෂම ලෙස සම්පත් වෙන් කිරීම සහතික කිරීම සහ තිරසාර ආර්ථික වර්ධනයට සහාය වීම අරමුණු කරගත් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යාංශය දරන උත්සාහය පිළිබඳව කාරක සභාවේ ප්‍රසාදය ද මෙහිදී හිමි වූ බවයි වාර්තා වන්නේ.

වත්මන් මුල්‍ය රෙගුලාසි නෛතික රාමුවක් මත පදනම් වුව ද ඒවා ප්‍රමාණවත් නොමැති බව ද පැමිණ සිටි නිලධාරීන් කාරක සභාව හමුවේ ප්‍රකාශ කළා.

ඒ අනුව වත්මන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පිළිවෙත්වල ඇති අඩුපාඩු, ආවේණික දුර්වලතා සහ විනිවිදභාව සහ වගවීමේ
ගැටලු හේතුවෙන්, මූල්‍ය විනය ස්ථාපිත කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) පනත් කෙටුම්පත සකස් කර තිබෙන බව ඔවුහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (11) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී මෙම පනත් කෙටුම්පත සලකා බලා අනුමත කළ බවයි වාර්තා වන්නේ.

Public Finance 20240711 4
Public Finance 20240711 6
Public Finance 20240711 8
Public Finance 20240711 5
Public Finance 20240711 3
Public Finance 20240711 2
Public Finance 20240711 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17